චීනයේ පාසල් බස් රථයක් ජනතාව අතරට කඩා වැදීමෙන් සිදු වූ භයානක අනතුර..
By Piyumika
චීනයේ පාසල් බස් රථයක් ජනතාව අතරට කඩා වැදීමෙන් අද (03) දරුණු අනතුරක් සිදුව තිබේ.
චීනයේ ෂැඩොං පළාතේ සිදු වූ මෙම අනතුරින් සිසුන් පස් දෙනෙක් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.
මෙම අනතුරින් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව පැවසේ.
තායියාන් නගරයේ පාසලක ගේට්ටුවෙන් පිටත සිසුන් සහ දෙමාව්පියන් පිරිසක් සිටගෙන සිටිය දී බස් රථය ඔවුන් අතරට කඩා වැදී ඇත.
රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර, රියදුරුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙය හිතාමතා සිදු වූවක් ද යන්න පැහැදිලි නොමැති අතර, සිධිය සම්බන්ධයෙන් පරීක්ෂක පවත්වයි.