අමාත්‍යංශ කිහිපයක් අතර ගැටුමක්...මුදල් අමාත්‍යංශය කරන්න යන දේ....

Report

පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යන අමාත්‍යාංශ සහ ආයතනවල විරෝධය නොතකමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ඇති වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසුරුවා හැරීමට මුදල් අමාත්‍යාංශය උත්සාහ දරමින් සිටින බව වාර්තා වනවා.

අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)(VIDEO)

අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)(VIDEO)

ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ , වායු විමෝචන භාරකාර අරමුදල් සියල්ල මුදල් අමාත්‍යාංශය යටතට ගෙන වෙනත් කටයුතුවලට යොමු කිරීමේ අරමුණින් මෙය සිදු කිරීමට නියමිත බවයි.

2009 වසරේ දෙසැම්බර් 27 වැනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වායු විමෝචන භාරකාර අරමුදල පිහිටුවූ අතර, එහි භාරකරුවන් ලෙස පස්දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබීය.

හෙටින් අවසන් වන සිරිපා වන්දනා සමය

හෙටින් අවසන් වන සිරිපා වන්දනා සමය

මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්ගේ සහභාගිත්වයෙන් මෙම අරමුදලේ සාමාජිකයන් ලෙස පරිසර අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, මෝටර් රථ කොමසාරිස් ජනරාල්, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ගිණුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් පත්කර තිබෙනවා.

මේ වනවිට වායු විමෝචන භාරකාර අරමුදල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කර ඇති අතර, එම අරමුදල සඳහා අධ්‍යක්ෂවරයකුද පත්කර ඇත.

වායු විමෝචන භාරකාර අරමුදල මගින් සිදුකරනු ලබන්නේ මෙරට තුළ වාහන 88,000කට අධික සංඛ්‍යාවක් ඇති වාහන සඳහා වාර්ෂිකව දුම් සහතික නිකුත් කිරීම, අහිතකර දුම් හඳුනාගෙන එම වාහන හිතකර කිරීම, අහිතකර දුම් මගින් සිදුවන පරිසර හානිය වළක්වාලීම සඳහා පිළියම් යෙදීම ඇතුළු වැඩසටහන් රැසකි. 

වාසි බලාගෙන ආණ්ඩු හදන්න එන්නේ නෑ... චන්න ජයසුමන කියයි..

වාසි බලාගෙන ආණ්ඩු හදන්න එන්නේ නෑ... චන්න ජයසුමන කියයි..