වාසි බලාගෙන ආණ්ඩු හදන්න එන්නේ නෑ... චන්න ජයසුමන කියයි..
සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා සහය දීමට කිසිසේත්ම සූදානම් නොමැති බවයි.
පළාත් පාලන ආයතනවල තනතුරුවලට පත් කිරීමට සුදුසුම පුද්ගලයන්ට සහාය දෙන බවද ඔහු සඳහන් කළා.
සර්ව ජන බලය පක්ෂය කෙටි කලකදී ලබාගත් දියුණුව සුවිශේෂ එකක් බවත්, මෙවර පළාත් පාලන මැතිවරණයේදී මන්ත්රීවරු දෙසිය ගණනක් දිනාගත් බවත් ඔහු සඳහන් කළා.
සර්ව ජන බලය මෙරටේ ඉදිරියට එන ප්රධාන දේශපාලන දහරාව බවට ඉදිරියේදී පත්වනු ඇතැයිද ඔහු වැඩිදුරටත් ප්රකාශ කළා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පසුගාමී වැඩපිළිවෙළ හේතුවෙන් ජාතික ජන බලවේගය මෙවර පළාත් පාලන ඡන්දයේදී පසුගිය මහ මැතිවරණයට වඩා ඡන්ද ලක්ෂ 23ක් අඩු කරගත් බවයි.