හෙටින් අවසන් වන සිරිපා වන්දනා සමය

By Hashini May 11, 2025 03:51 AM GMT
Report

මේ වසරේ ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පොහොය දා එනම් හෙට (12) දිනයෙන් අවසන් වීමට නියමිතයි.

වෙසක් පොහෝදිනට පසුදින ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ අනුශාසනා මත ශ්‍රී පාද උඩ මළුවේදී සධාතුක කරඬුවට හා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමයට බෞද්ධ වත් පිළිවෙත් අනුව වන්දනාවාරය නිමා කිරීමට ප්‍රථම චාරිත්‍රානුකූලව පුද පුජා පැවැත්වීම සිදු කරනවා.

ඉන් අනතුරුව සධාතුක කරඬුව, සමන් දේව රුව හා දේවාභරණ රැගත් විශේෂ පෙරහැර පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහ විහාරය දක්වා වැඩම කිරීම සඳහා ශ්‍රී පාදස්ථානයේ සිට නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත එදින පස්වරුවේ ගමන් ආරම්භ කරනු ලබයි.

ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානයේ සිට විශේෂ රියක තැන්පත් කරන සධාතුක කරඬුව සමන් දේව පිළිමය හා දේවාභරණ එක් පෙරහරක් මාවුස්සාකැලේ, ලක්ෂපාන, කළුගල, අවිස්සාවේල්ල මාර්ගයෙන් හා අනෙක් පෙරහැර මස්කෙළිය, නෝර්වුඩ්, බගවන්තලාව , බලන්ගොඩ මාර්ගයෙන් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා වැඩම කෙරෙනු ඇති.

ශ්‍රී පාද වන්දනා සමය නිමා කිරීමෙන් අනතුරුව සධාතුක කරඬුව ඓතිහාසික ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රී පාද අවාර සමයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ සමන් දේවාලයේ තැන්පත් කරනු ලබනවා. 

වාසි බලාගෙන ආණ්ඩු හදන්න එන්නේ නෑ... චන්න ජයසුමන කියයි..

වාසි බලාගෙන ආණ්ඩු හදන්න එන්නේ නෑ... චන්න ජයසුමන කියයි..