රබර් වගාවේ පැතිරෙන පුල්ලි රෝගයට රසායනික අත්හදා බැලීමක්...

By Parami Dissanayake Aug 28, 2024 03:54 PM GMT
Report

රබර් වගාවේ පැතිර යන නව පත්‍ර පුල්ලි රෝගය සඳහා පළමුවරට කළ රසායනික අත්හදා බැලීමක් 80% කින් සාර්ථක වී ඇති බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය පවසයි.

එංගලන්තයේ සුපිරි පිතිකරුවෙක් ක්‍රිකට් පිටියෙන් සමු ගනී...

එංගලන්තයේ සුපිරි පිතිකරුවෙක් ක්‍රිකට් පිටියෙන් සමු ගනී...

එමෙන් ම, රබර් පර්යේෂණායතනය පවසන්නේ, මෙම පත්‍ර පුල්ලි රෝගය දැනට කළුතර, රත්නපුර මෙන්ම මොණරාගල හා අම්පාර ප්‍රදේශවලට ද පැතිර ගොස් ඇති බවයි.

මෙම රෝගය දිලීරයක බලපෑමක් හේතුවෙන් රබර් ගසේ පත්‍රවලට වැළඳෙන අතර රබර් ගසේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය මේ නිසා අකර්මණ්‍ය වන බව සඳහන් වේ.

රබර් වගාවටත් සහනාධාර...

රබර් වගාවටත් සහනාධාර...

විශේෂයෙන් ම,මෙම රෝගය ඇතුළු කරුණු ගණනාවක බලපෑමෙන් වාර්ෂික රබර් කිරි අස්වැන්න 10% කින් පමණ අඩු වී ඇත.

කෙසේ වෙතත්, මෙම රෝගය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ 10කට වැඩි සංඛ්‍යාවකින් එක් රසායනික පර්යේෂණයක් 80%ක සාර්ථකත්වයක් ලබා ඇති බව වාර්තා වේ.

ජනපති රනිල්ට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ...

ජනපති රනිල්ට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ...

මෙම පර්යේෂණය මේ වනවිට ක්ෂේත්‍රය තුළ අත්හදා බලා ඇති අතර එය ලබන වර්ෂයේ දී මෙරට රබර් වගාව සඳහා සියලු රබර් වගාකරුවන්ට ලබා දීමට පියවර ගන්නා බව වාර්තා වේ.