ජනපති රනිල්ට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ...
By Parami Dissanayake
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ.
ඒ, රුපියල් 50,000ක නඩු ගාස්තුවකට යටත්වයි.
වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්ම අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් නොකිරීම පදනම් කරගනිමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ජනාධිපතිවරයාට එරෙහිව ගොනුකර තිබූ බව සඳහන් වේ.