අධිකරණ ඇමතිටත් නඩුවක්
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතාට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට සූදානම් වන බවක් වාර්තා වේ.
ඒ අනුව මෙසේ සූදානම් වන්නේ විපක්ෂ මන්ත්‍රී පිරිසක් සහ සිවිල් සංවිධාන කිහිපයක් බව සඳහන්.
අඳාළ නඩුව ගොනු කිරීමට සැළසුම් කර ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින්.
ඉකුත් දා අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් සිදු වූ බව කියමින් මෙසේ චෝදනා එල්ල කරයි.
ඔහු විසින් අඳාළ ප්‍රකාශය මොරටුව ප්‍රදේශයේ පැවති ජනමුවකදී කළ බව පවසයි.
එහෙත් අධිකරණ අමාත්‍යවරයා එම ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු අවස්ථා කිහිපයක දීම කියා ඇත්තේ තමා එසේ අධිකරණයට අපහාස කිරීමක් සිදු නොකළ බවයි.