අතුරුදහන් බව කියන 32 හැවිරිදි රාජ්‍ය නිලධාරිනිය හා පාසල් සිසුවා පිළිබද අනාවරණය වුනු අමුතු කතාව..

Report

යාපනයේ උරුම්පිරායී ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරිනියක 18 හැවිරිදි උසස් පෙළ සිසුවකු සමග පැන ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කෝපායි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අනේ මේ ජනතාවගේ සල්ලි නේද.. බලන්නකෝ එයාලට අත්හරින්න වුණ සුර සැප..(VIDEO)

අනේ මේ ජනතාවගේ සල්ලි නේද.. බලන්නකෝ එයාලට අත්හරින්න වුණ සුර සැප..(VIDEO)

යාපනයේ රාජ්‍ය ආයතනයක නිලධාරිනියක වන එම කාන්තාව 32 වැනි වියේ පසුවන අතර ඇයට දෙමව්පියන් විසින් ඉදිරිපත් කරන ලද විවාහ යෝජනා සියල්ලක්ම මේ වනතුරු ප්‍රතික්ෂේප කළ බව දෙමව්පියන් විසින් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

එම රාජ්‍ය නිලධාරිනියගේ පියා හා මව වැදගත් රැකියාවල නිරත වන අතර සිසුවාගේ දෙමව්පියන් ද ඊට සමාන සමාජ පරිසරයක ජීවත් වන පවුලක් බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වී තිබේ.

ඇමතිකම හම්බ උන ගමන් විජිත හේරත් කරපු දේ බලන්නකෝ ..

ඇමතිකම හම්බ උන ගමන් විජිත හේරත් කරපු දේ බලන්නකෝ ..

2024 වසරේ එළඹෙන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවාගේ හා රාජ්‍ය නිලධාරිනියගේ පවුල් දෙක අතර කාලාන්තරයක සිට සමීප සබඳතාවක් පවතින බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබේ.

රාජ්‍ය නිලධාරිනියට අවසන් වරට ඉංජිනේරුවකුගෙන් විවාහ යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර ඊට දින කීපයකට පසුව එම නිලධාරිනිය හා පාසල් සිසුවා අතුරුදන් වී ඇත.

තායි රජුගේ අත්සන නිසා තායිලන්තය විවාහ අයිතීන් පිළිගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවට...

තායි රජුගේ අත්සන නිසා තායිලන්තය විවාහ අයිතීන් පිළිගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවට...

පොලිසිය සිදු කළ පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ රාජ්‍ය නිලධාරිනිය වමනය හා හිසරදය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන වෛද්‍ය උපදෙස් මත සිදු කරන ලද ලේ හා මුත්‍රා පරීක්ෂණයක දී ඇය ගැබිනියක බවට තහවුරු වී ඇති බවයි.

සිසුවාගේ දෙමව්පියන් විසින් මේ පිළිබදව කෝපායි පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කෝපායි පොලිසිය පියවර ගෙන තිබේ.