තායි රජුගේ අත්සන නිසා තායිලන්තය විවාහ අයිතීන් පිළිගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවට...

Thailand LGBTQ World Same-Sex Marriage
By Piyumika Sep 25, 2024 06:00 AM GMT
Piyumika

Piyumika

Report

තායිලන්තයේ රජු විවාහ සමානාත්මතා පනත් කෙටුම්පතකට අත්සන් කර තිබෙනවා.

ඒ සමග සමලිංගික කණ්ඩායම් සහ ඔවුන්ගේ විවාහ අයිතීන් පිළිගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවට තායිලන්තය පත් වනවා.

නව ආරක්ෂක ලේකම්වරයාගේ ඩිෆෙන්ඩරය නිසා පාර්ලිමේන්තු පිවිසුම අසල තදබදයක්..(VIDEO/PHOTOS)

නව ආරක්ෂක ලේකම්වරයාගේ ඩිෆෙන්ඩරය නිසා පාර්ලිමේන්තු පිවිසුම අසල තදබදයක්..(VIDEO/PHOTOS)

මෙම පනත පසුගිය ජුනි මාසයේදී සෙනෙට් සභාව අනුමත කළ නමුත්, එය නීතියක් බවට පත්වීමට රාජකීය අනුමැතිය අවශ්‍ය වුණා. රජුගේ අනුමැතිය ලද පනත රාජකීය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති අතර එය ලබන වසරේ ජනවාරි 22 සිට ක්‍රියාත්මක වනවා.

සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් මෙම පියවර ඓතිහාසික ජයග්‍රහනයක් ලෙස අගය කර ඇති බව සඳහන්.

හදිසියේම පාසලක් වහපු හේතුව මෙන්න .. (VIDEO)

හදිසියේම පාසලක් වහපු හේතුව මෙන්න .. (VIDEO)

එය විවාහ සමානාත්මතාවය සඳහා වසර ගණනාවක් පුරා ගෙන ගිය උද්ඝෝෂනවල කූටප්‍රාප්තිය සනිටුහන් කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එවැනි ආකල්ප දුර්ලභ කලාපයක තායිලන්තය, LGBTQ+ ප්‍රජාව සඳහා සාපේක්ෂ තෝතැන්නක් ලෙස සැලකෙනවා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%