කවදාවත් කාන්තාවන් ගත්තේ නැති රජයේ ජොබ් එකකට කාන්තාවන් 750ට අවස්ථාව - ගන්නේ මෙහෙමයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට කාන්තා රියැදුරන් ඇතුළු රියැදුරන් 450ක් ද කොන්දොස්තරවරුන් 300ක් ද බඳවා ගැනීමට රජය තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා පවසයි.
ලංගමට හඳුන්වාදෙන නව ප්‍රතිසංස්කරණ යටතේ අලුතින් බඳවා ගන්නා රියැදුරුරියන්ට හා කොන්දොස්තරවරියන්ට නව නිල ඇඳුමක් හඳුන්වා දීමට ද පියවර ගන්නා බව ඇමැතිවරයා සඳහන් කරයි.
කාන්තා රියැදුරුවරියන්ට හා කොන්දොස්තරවරියන්ට ලබාදෙන නව් නිල ඇඳුම් ගුවන් සෙවිකාවන්ගේ මට්ටමේ නිල ඇඳුමක් බවද ඇමැතිවරයා කියයි.
හොඳ වැටුපක් සහ ආකර්ෂණීය නිල ඇඳුමක් නොමැති වීම් නිසා තරුණ පරම්පරාව ලංගම සෙවයට නොපැමිණෙන බැවින් ලංගම ආකර්ෂණීය තැනක් කර අලුතින් පිරිස බඳවා ගැනීමට උනන්දු කරවන බව ද ඇමැති බිමල් රත්නායක මහතා කියා සිටී,