වන සතුන් සංගණනයට පත්‍රිකා ලක්ෂ 73ක් ම්‍රද්‍රණය වෙයි

By Shehan Mar 07, 2025 06:23 AM GMT
Shehan

Shehan

Report

වන සතුන් සංගණනයට පත්‍රිකා ලක්ෂ 73ක් මුද්‍රණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ පවසයි.

සංගණනය පැවැත්වෙන ලබන 15 වන දා පෙර දිවයිනේ සියලු ම නිවාසවලට මෙම පත්‍රිකා බෙදාහැරීමට සැලසුම් කර ඇතැයි ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

සා.පෙළ උපකාරක පන්ති 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

සා.පෙළ උපකාරක පන්ති 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

ගෘහ අංකය, නම, ලිපිනය, දුරකතන අංකය මෙන් ම සංගණන කාලයේදී රිලවා, වඳුරා, මොනරා සහ දඬු ලේනා යන සතුන් පෞද්ගලික ඉඩම තුළ කොපමණ සිටීදැයි නිවැසියන් පත්‍රිකාවේ සටහන් කළයුතු බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

සංගණනයේ පත්‍රිකා මුද්‍රණයට හා බෙදාහැරීමට පමණක් මුදල් වැය වන බව ත් මෙම වැඩසටහනේදී වෙනත් අමතර මුදලක් වියදම් නොවන බව ත් අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, සංගණනය පැවැත්වීමට යොදාගෙන ඇති කාලය සංශෝධනය කරන්නැයි ඇතැම් පාර්ශ්ව ඉල්ලා ඇති නමුත් සංගණනයට සුදුසු ම වේලාව යොදාගෙන තිබෙන බව ත් ඒ අනුව උදෑසන 8:00 – 8:05 කාලය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ත් ඔහු පැවසීය.

විදුලි ගාස්තු වැඩි නොකරන්න රජය ෆුල් ට්‍රයි!

විදුලි ගාස්තු වැඩි නොකරන්න රජය ෆුල් ට්‍රයි!

ඉංගිරිය ප්‍රදේශයේදී පෙර පුහුණු සමීක්ෂණයක් පවත්වා අධ්‍යයනයක් සිදුකිරීමෙන් අනතුරුව මෙම කාලය යොදාගත් බවද හේමන්ත අමරසිංහ මහතා කියා සිටියේය.

වන සතුන් උදෑසන 6:00ට පමණ ඇහැරී ගමන් කරන බවත් සමීක්ෂණ කාලය තුළ ඔවුන් වනාන්තරවලින් පිටවී කුමනහෝ ස්ථානයක සිටිය හැකි බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

එම සතුන් ඇතැම් වතුවලට උදෑසන කාලය මඟහැර සවස් කාලයේදී පැමිණිය හැකි නමුත් සංගණනයට එය ගැටලුවක් නොවන බවද ඒ මහතා සඳහන් කරයි.

ලිංගික හිරිහැර චෝදනා නැගූ නයිජීරියානු මන්ත්‍රීවරිය සෙනෙට් සභාවෙන් දොට්ට

ලිංගික හිරිහැර චෝදනා නැගූ නයිජීරියානු මන්ත්‍රීවරිය සෙනෙට් සභාවෙන් දොට්ට

පෞද්ගලික ඉඩම්වලට පැමිණෙන වන සතුන් පිළිබඳව තොරතුරු එක්රැස් කිරීමට දුරකතන මෘදුකාංග (ඇප්) මාර්ගයෙන් මෙන්ම වට්ස්ඇප් හා එස්.එම්.එස්. මඟින් උත්සාහ කළ නමුත් දුරකතන සංඥාවල දුර්වලතා මෙන්ම දුරකථන සාක්ෂරතාවේ දුර්වලතාව හේතුවෙන් එම වැඩපිළිවෙල අසාර්ථක වූ බව ත් ඒ අනුව මෙවර සංගණනය පැවැත්වීමට යොදාගත් බව ත් හෙතෙම පැවසීය.


ReeCha