දරුණු රිය අනතුරු 6ක් කුඩා දැරියක් ඇතුළු 6 දෙනෙක් මරුට

Colombo Hospital Accident Death Latest Headlines Sinhala news
By Ashfa Sep 03, 2025 04:02 AM GMT
Ashfa

Ashfa

Report

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 06කින් අවුරුදු 08 කුඩා දැරියක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මියයාමේ සිද්ධි වාර්තා වේ. එයට අනුව වාර්තා වූ සිද්ධීන් , ඊයේ (02) එම අනතුරු සිදුව තිබුණේ පොල්ගහවෙල, රත්නපුර, කටුනායක, එරාවුර්, කුලියාපිටිය සහ හලාවත පොලිස් වසම්වලින්ය.කුලියාපිටිය - හෙටිටිපොළ මාර්ගයේ, ගොමුගමුව මංසන්දිය ආසන්නයේදී හෙට්ටිපොළ දෙස සිට පැමිණි ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදි දෙකක ගැටී ඇත.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

එම සිද්ධියෙන් යතුරුපැදි දෙකේ සිටි පුද්ගලයින් සිව්දෙනා තුවාල ලැබූ අතර බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට සහ කුරුණැගල ශික්ෂණ රෝහලට මාරු කර ඇත.

අනතුරින් කුරුණෑගල ශික්ෂණ රෝහලට යොමුකල තුවාලකරුවෙකු ජීවිතක්ෂයට පත්වූ පසු කුලියාපිටිය පොලිසිය විසින් ටිපර් රථයේ රියැදුරා අත්අඩංගුවට ගත්තේය. මීට අමතරව පොල්ගහවෙල - කෑගල්ල මාර්ගයේ පොල්ගහවෙල දෙසට ධාවනය වූ යතුරුපැදියක පසුපස එම දිශාවටම ගමන් කල පුද්ගලික බස් රථයක් ගැටී අනතුරක් සිදු වූ අතර අනතුරින් යතුරුපැදියේ පසුපැදිකාරියව සිටි දැරියක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මධ්‍යම අධිවේගයේ මාරක අනතුරින් දෙදෙනෙක් මරුට

මධ්‍යම අධිවේගයේ මාරක අනතුරින් දෙදෙනෙක් මරුට

මේ ආකාරයෙන් මියගියේ, ඉඹුල්ගස්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දැරියක්ය. තවත් සිදුවීමක් රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. රත්නපුර - පානදුර මාර්ගයේ රත්නපුර දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුරක් සිදු වූ අතර අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කාන්තාවක් රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 82 හැවිරිදි කාන්තාව මිය ගියේය.

මීට අමතරව කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම කිඹුලාපිටිය මාර්ගයේ කිඹුලාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයකු ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පදිකයා සහ යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකි.

ලෝක බලවතුන් එක්වේ - චීන රුසියා ඉරාන හා උතුරු කොරියා නායකයන් එකම තැනකට

ලෝක බලවතුන් එක්වේ - චීන රුසියා ඉරාන හා උතුරු කොරියා නායකයන් එකම තැනකට

මේ අතර එරාවුර් පොලිස් වසමේ කලුවන්කේණි දුම්රිය හරස් මාර්ගයේදී මඩකලපුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියක යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 26 ක් වූ කළුවන්කේණි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර පුත්තලම - හලාවත මාර්ගයේ කොට්ටපිටිය හන්දිය ආසන්නයේදී හලාවත දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා සහ යතුරුපැදිකරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.