සැප්තැම්බර් සිට තවත් රාජ්‍ය ආයතන 50ක් GovPay ක්‍රමයට
ලබන සැප්තැම්බර් මාසයේ සිට තවත් රාජ්‍ය ආයතන 50ක් GovPay ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ කිරීමට පියවර ගෙන ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, සැප්තැම්බර් මාසයේ සිට මෙම පද්ධතිය ක්‍රියාත්මක වන අතර, එමඟින් GovPay පද්ධතිය හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව 100 දක්වා ඉහළ යනු ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, එළඹෙන සැප්තැම්බර් මාසය 'ඩිජිටල් ආර්ථික මාසය' ලෙස නම් කර ඇත.
රට ඩිජිටල් ආර්ථිකයක් කරා යොමු කිරීමේ අරමුණින්, මෙම ඩිජිටල් ගෙවීම්වල ප්‍රතිලාභ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ධනපාල මහතා වැඩිදුරටත් ගගන වෙත පැවසීය.