පොලුවලින් පහර දී තරුණයකු මැරූ 5ක් ගස් – 2ක් හිරේ. මරණ දඩුවම් එපා යැයි හඩා වැටේ.

Murali Supreme Court of Sri Lanka Crime Law and Order Sinhala news
By Mithu Apr 29, 2025 02:10 PM GMT
Mithu

Mithu

Report

පොලු – මුගුරුවලින් හා විකට් පොලුවලින් පහරදී 21 හැවිරිදි තරුණයකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් හත් දෙනකු අතරින් පස් දෙනකුට මරණීය දණ්ඩනය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සෙසු විත්තිකරුවන් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ද නියම කළේය.

එකී අපරාධය සිදුකරන විට එම විත්තිකරුවන් අතරින් දෙදෙනකු 17 හැවිරිදි සහ 15 හැවිරිදි තරුණයන් වූයෙන් එලෙස ඔවුන් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි. මරණීය දණ්ඩනය නියම වූ එක් විත්තිකරුවකු හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ තරුණයකු පිය – පුතු දෙදෙනකු බවද අනාවරණය විය.

ගෝඨගෙ කාලේ කේස් එකට ගම්මන්පිල ඇතුලට

ගෝඨගෙ කාලේ කේස් එකට ගම්මන්පිල ඇතුලට

2012.09.26 වැනිදා මෝදර ප්‍රදේශයේ කෝවිල් දෙකක් අතර පිහිටි නිවසකට විත්තිකරුවන්ගේ පහර කෑමට ප්‍රැන්සිස් සුරංජන් කෲස් නමැති තරුණයා රෝහල් ගත කිරීමට රැගෙන යන අතරතුර මියගොස් තිබිණි. එම විත්තිකරුවන් ඇතුළු විත්තිකරුවන් 9 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබිණි. එම විත්තිකරුවන් නවදෙනා අතරින් දෙදෙනකු නඩු විභාගය අවසන් වීමට පෙර මියගොස් තිබූ අතර තම අධිකරණය හමුවේ ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව විත්තිකරුවන් නවදෙනාටම එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇතැයි විනිසුරුවරයා තීන්දු කළේය.

මහාධිකරණ භාෂණ පරිවර්තක ටී. ඩී. තුවාන් සදාම් මහතා විත්තිකරුවන්ට අධිකරණයේ තීන්දුව කියවා දුන්නේය. මිනීමැරීම ඇතුළු එකී චෝදනාවලට වරදකරුවන් බවට තම අධිකරණය විසින් නිගමනය කර ඇති බැවින් මරණ දඬුවම් නියම කිරීමට පෙර පැවැසීමට යමක් ඇතිනම් පවසන ලෙසට අධිකරණය මරණ දඬුවම් නියම වූ විත්තිකරුවන්ට නියම කළේය. තමන් එම අපරාධයට කිසිදු ආකාරයෙන් සම්බන්ධ නොවූ බවත් එක්දරු පියකු වන තම දරුවා සමග ජීවත්වීමට තමාට අවස්ථාව ලබාදී ලිහිල් දඬුවම් නියම කරන ලෙසත් පළමු වන විත්තිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තමන් ද එම මරණකරුට පහරක්වත් නොගැසූ බව මරණ දඬුවම නියම වූ තුන්වන, පස්වන, හත්වන හා අටවන විත්තිකරුවෝ ද්‍රවිඩ භාෂාවෙන් හා සිංහල භාෂාවෙන් අධිකරණය අමතමින් පැවැසූහ. විත්තිකරුවන් සියලු දෙනාම මේ වනවිට මියගොස් ඇති අතර හතර වන හා පස්වන විත්තිකරුවන් සමග අයුතු ජනරාශියක නිරතව පොදු චේතනාවෙන් කටයුතු කර ඇති බවත් දෙවන හා නවවන විත්තිකරුවන් ඒ වනවිට වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන් වුවත් මේ වනවිට අවුරුදු 27 හා 29 අතර වයසේ පසුවන පුද්ගලයන් වන බැවින් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් ද ලිහිල්ව සිතා කටයුතු කිරීමට තම අධිකරණයට නොහැකි බවත් යැයි විනිසුරුවරයා සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

කොළඹ කොටස් වෙළඳපොලේ අද මිල ගණන්

කොළඹ කොටස් වෙළඳපොලේ අද මිල ගණන්

ඔවුන්ගේ පහර කෑමට ලක්ව මියගොස් ඇත්තේ ද අවුරුදු 21ක් වයසැති තරුණයකු බව සිය තීන්දුව නිකුත් කරමින් පැවැසූ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත්කරන දින වන විට එකී අපරාධයට සම්බන්ධ වූ බාල වයස්කාර තරුණයන් තවදුරටත් බාල වයස්කරුවන් වූයේ නම් මෙයට වඩා ලිහිල් දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමේ හැකියාවක් තිබූ බවද කියා සිටියේය.

අනතුරුව සිංහල භාෂාවෙන් මෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් ද මරණීය දණ්ඩන තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා දිනයට නියමිත නඩු කටයුතු මඳ වේලාවකට නවතා විනිශ්චය අසුනින් බැස ගියේය. රජයේ අධිනීතිඥ චතුර දසනායක මහතා සමග රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේෂාණි විජේසිංහ මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය.

ReeCha