හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 412ක් රෝහලට

Sinhala and Tamil New Year Colombo Hospital National Health Service Sinhala news
By Mithu Apr 15, 2025 08:26 AM GMT
Mithu

Mithu

Report

 පසුගිය උත්වස සමයේදී සිදුවූ විවිධ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 412ක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පවසයි.

වෛද්‍යවරයා පැවසුවේ 13 සහ 14 යන දෙදින තුළ මෙම රෝගීන් ඇතුළත් කර ඇති බවත් ඉන් පුද්ගලයින් 6 දෙනෙකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බවය. මෙම හදිසි අනතුරු වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගෘහාශිත අනතුරු බව පෙන්වා දුන් වෛද්‍යවරයා ඒ සම්බන්ධව රෝගීන් 110 දෙනෙකු රෝහලට ඇතුළත් කර ඇති බවත් පැවසීය. එමෙන්ම මාර්ග අනතුරු හේතුවෙන් 94 දෙනෙකු ද රෝහල් ගත කර ඇති බවත් වෛද්‍යවරයා පැවසීය.

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා "මේ රෝගීන් 412 අතුරින් රෝගීන් 80ක් පමණ විවිධ ශල්‍යකර්මවලට භාජනය කරන්න සිදුවුණා. මේ අවුරුද්දේ අපි දකින හොඳ දෙයක් තමයි ගිනිකෙලි නිසා ඇතුල්වෙච්ච රෝගීන් අවම වෙලා තියෙන එක. ඇත්තටම මේ දවස් දෙකටම ඇතුළත් වුණේ රෝගීන් දෙදෙනෙක් පමණයි.

ඒ දෙදෙනාගෙත් තත්ත්වය බරපතල නෑ. මේක වඩා හොඳ තත්ත්වයක් මේකෙන් පේනවා සැලකිලිමත් වෙනවානම් උපරිම වශයෙන් හදිසි අනතුරු අඩු කරගැනීමට පුළුවන්කම තියෙනවා කියන එක."

ලිහිසි තෙල් ගනන් උස්සයි - ගෑස් මිලත් වැඩි වෙන ලකුණු

ලිහිසි තෙල් ගනන් උස්සයි - ගෑස් මිලත් වැඩි වෙන ලකුණු

ReeCha