රජයේ රැකියාවක් කරන්න බලන් ඉන්න තරුණ තරුණියන්ට මෙන්න සතුටු හිතෙන ආරංචියක්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් බුත්තල නගරයේ පැවැති ජන හමුවකට එක්වෙමින් පවසා සිටියේ, රාජ්‍ය සේවයට තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බවයි.

"අපි 30,000ක් බඳවා ගන්නවා හැකියාව දක්ෂතාවය තියෙන අලුත් තරුණ පරම්පරාව. දැන් සල්ලි වෙන් කරලා තියෙන්නේ. මම දැක්කා දැන් ගොඩක් පත්තරවල දැන්වීම් යනවා. ඇප්ලිකේෂන් දාන්න අපි රස්සා දෙන්නම්.

ඒ වගේම අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ ගොල්ලන්ට ලැබිය යුතුයි හැබැයි ලැබෙන්නේ නෑ. අපි ඇප්ලිකේෂන් කැඳවලා තියෙනවා. දැන් තෝරා ගැනීමේ මණ්ඩල හරහා තෝරාගෙන ජුනි මාසයේදී පවුල් ලක්ෂ 4කට අලුත්නි අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා.

ඒ වගේම ඉන්නවා ජන ප්‍රජාවක් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් වෙලා තියෙනවා, විශ්‍රාමිකයින්ට වැටුප් වැඩිවෙලා තියෙනවා, අස්වැසුම වැඩිවෙලා තියෙනවා මේ මොකවත් නැති කණ්ඩායමක් ඉන්නවා ලක්ෂ 8ක් විතර. ඒ ජනතාවට රුපියල් 5000ක ආහාර මල්ලක් රුපියල් 2500ට සතොසෙන් ලබා දෙනවා." යනුවෙන් ජනාධිපති තුමා වැඩිදුරටත් පැවසීය.

ලෝක බලවතා ලෝක යුද්ධෙකට සැරසෙනවද? ඉරානය ඉල්ලන් කන්නයි හදන්නේ

ලෝක බලවතා ලෝක යුද්ධෙකට සැරසෙනවද? ඉරානය ඉල්ලන් කන්නයි හදන්නේ

මෙන්න හෙට ඉඳලා රජයෙන් ලැබෙන සහනය - බලන් ඉඳපු අයට ගොඩක් වැදගත් වෙයි

මෙන්න හෙට ඉඳලා රජයෙන් ලැබෙන සහනය - බලන් ඉඳපු අයට ගොඩක් වැදගත් වෙයි