ජනාධිපති කාර්යාලයේ වාහන 29ක් අතුරුදහන් වෙද්දි තිබ්බ වාහන අලුත්වැඩියාවට මිලියන ගණන් වියදම් කරලා

Report

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියා කිරිමට පමණක් පසුගිය වර්ෂයේ දි (2024) රුපියල් හැටහතරකෝටි පනස්තුන්ලක්ෂ,තිස්හයදහස් හත්සිය හැත්තෑහතරක මුදලක් (645,336,774) වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් හෙළි වී තිබෙනවා.

ඒ අනුව එකම වාහනය වාර 10 සිට 17 දක්වා වු වාරගණනක් අලුත්වැඩියා කිරිමේ අවස්ථා 53ක් වාර්තා වි ඇත.

එසේම මිලියනයක් සහ මිලියන හතලිහක් අතර වු වටිනාකමින් යුතු වාහන 189ක් අලුත්වැඩියා කොට ඇති බව ද එහි සඳහන්.

එමෙන්ම එම එක් වාහනයක් අලුත්වැඩියා කිරිම වෙනුවෙන් පසුගිය වර්ෂය තුල රුපියල් මිලියනයක් සහ මිලියන විසිඅටක දක්වා වු මුදලක් වැයකොට තිබු බවද විගණනය මගින් හෙළි කොට තිබු බව වාර්තා වේ.

මිල මුදල් උතුරන වස්තු සැප සම්පත් ලැබෙන මේ ලග්නවලට අද නොහිතන වාසි ගොඩක්

මිල මුදල් උතුරන වස්තු සැප සම්පත් ලැබෙන මේ ලග්නවලට අද නොහිතන වාසි ගොඩක්

ඒ අනුව විවිධ පාර්ශවයන් විසින් භාවිතා කරනු ලැබු වාහන 107ක් පසුගිය වර්ෂයේ (2024) සැප්තැම්බර් මස 21 දිනට පසුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දි ඇත.

අඳාළ වාහන අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා රුපියල් දාහතරකෝටි, දහඅටලක්ෂ, තිස්එක්දහස්, අටසියතිස්දෙකක (141,831,832) වියදමක් ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් වැයකොට ඇති බවද විගණනය මගින් හෙළි කර තිබෙනවා.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය නමින් ලියාපදිංචිකර තිබු වාහන 29ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බවද වාර්තා වේ.

අඳාළ වාහන අතුරුදහන්විම හෝ කිසියම් ආයතනයකට පුද්ගලයෙකුට භාරදුන් බවට හෝ කිසිදු ලිඛිත සාක්ෂියක් විගණනයට ඉදිරිපත්කොට නොතිබු බවද විගණන වාර්තාවේ ඇතුළත්.

මෙම තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන්.

ඉස්සරහට ගුරු සේවයට බැදෙන්න චාන්ස් එකක් හරි ඔන්න - පාසලේ හින්දු ආගමට මොකද වෙන්නේ?

ඉස්සරහට ගුරු සේවයට බැදෙන්න චාන්ස් එකක් හරි ඔන්න - පාසලේ හින්දු ආගමට මොකද වෙන්නේ?

තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය රටට ඇතුළු වුණේ මෙහෙමයි

තංගල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය රටට ඇතුළු වුණේ මෙහෙමයි