අද සිට පැය 24ම ක්‍රියාත්මකයි

Report

ස්වභාවික වන සම්පත සංරක්ෂණය කිරීමේ අරමුණින් ‘වන සුරැකුම‘ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද (03) දින සිට ක්‍රියාත්මක වන බව පරිසර අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම මෙහෙයුම් ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මක 1995 කෙටි දුරකතන අංකය ඔස්සේ ක්‍රියාත්මක වන බව සඳහන්. එසේම පරිසර අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන මෙම ඒකකය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයන්ගෙන් යුක්ත වනු ඇති බව සඳහන්.

එමෙන්ම අමාත්‍යාංශය සඳහන් කළේ මේ ඔස්සේ ලංකාවේ වනාන්තර පද්ධතිවලට සහ ඒ ආශ්‍රිතව සිදුවන හානි තත්ත්වයන් පිළිබඳව මහජනතාවට තොරතුරු ලබා දිය හැකි බවයි.

උසස් පෙළ විභාගය ලියන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - අද සිට ක්‍රියාත්මකයි

උසස් පෙළ විභාගය ලියන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - අද සිට ක්‍රියාත්මකයි

මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක කරවීමට අපේක්ෂා කරන්නේ වැඩිවන වන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමත්, එම අපරාධ මැඩලීමේ මෙහෙයුම් සිදු කිරීමත්, මහජනතාවට විශ්වාසනීයත්වයෙන් යුතුව තොරතුරු ලබා දිය හැකි පසුබිමක් සැකසීමත් සඳහා ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, වන ජීවී සංරක්ෂණ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නියෝජනය වන පරිදි, නිලධාරීන්ගෙන් සැදුම්ලත්වයි.

ඒ අනුව මෙම මෙහෙයුම් ඒකකය අද විවෘත කිරීමට නියමිතයි.

ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ මාසේ ඉඳන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

මේ මාසේ ඉඳන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න