දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 1000 ක පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් - අද හෙට සහ සැප්තැම්බර් 02 දින පැවැත්වෙයි

Report

ආපදා තත්ත්වයකට මුහුණදීමට සිවිල් සංවිධාන ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 1000 ක ප්‍රජා සාමාජිකයින් 20,000 ක් පමණ දැනුවත් කර පුහුණු කිරීමට අපේක්ෂා කර ඇත.

ඒ අනුව අද (18) දින මහනුවර Myst by Cinnamon හෝටලයේදී ආපදා තත්ත්වයන් කල්තියා හඳුනාගැනීම මෙන්ම එවන් අවස්ථාවල මතුවන ගැටළුවලට සාර්ථකව මුහුණදීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා ලබාදීම මෙන්ම අත්‍යාවශ්‍ය සම්පත් භාවිතාව සම්බන්ධ ප්‍රජාව සවිබලගැන්වීම අරමුණු කරගත් “Training of Trainers on Community Capacity and Resilience for Health Emergency Preparedness and Response (C3R)” විශේෂ පුහුණු වැඩසටහන ආරම්භ කර තිබුණේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග මහතාගේ ප්‍රධානත්වයෙන්.

වර්තමානයේ ගෝලීය ලෙස විවිධ ආපදා තත්ත්වයන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන අතර, ශ්‍රී ලංකාවට ද ඉකුත් කාලසීමාව තුළ විවිධ ස්වභාවික හා වෙනත් ආපදා තත්ත්වයන්ට මුහුණදීමට සිදු විය.

මේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයට යන්න වරම් - ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ජපානයෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 591ක ආධාරයක්

මේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයට යන්න වරම් - ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ජපානයෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 591ක ආධාරයක්

එවැනි ආපදා තත්ත්වයන්හිදී පළමුවෙන්ම එම තත්ත්වයන්ට ගොදුරූ වනුයේ එම කලාප ආශ්‍රිත ප්‍රජාවයි.

එබැවින් මෙම වැඩසටහනේ මූලික අරමුණ වනුයේ ප්‍රජාවට තම ප්‍රදේශයට ආවේණික ආපදා අවදානම් හඳුනාගැනීමට හැකිවන ලෙස දැනුවත් කිරීම, ආපදා අවස්ථාවන්වල දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පුහුණුව ලබාදීම, එවන් අවස්ථාවක දී ප්‍රජාව සවිබලගැන්වීම සහ අවශ්‍ය උපකරණ හා සම්පත් මනා ලෙස යොදා ගැනීම තුළින් ඔවුන්ගේ ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම බව සඳහන්.

එහි පළමු අදියර වශයෙන් මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද පැවැත්වෙන සමාරම්භක පුහුණු වැඩසටහනට දිස්ත්‍රික්ක 10ක් නියෝජනය වන ලෙස තෝරාගත් නිලධාරීන් පිරිසක් සහභාගී විය.

එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය, අධිකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ත්‍රිත්වය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනට ජාත්‍යන්තර මට්ටමින් යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සහ ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන වසංගත අරමුදලෙහි (The Pandemic Fund) සහයෝගය ද හිමි විය.

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ඒ අනුව “ප්‍රජාවේ ප්‍රතිරෝධී හැකියාව ශක්තිමත් කිරීම” යන සංකල්පය මූලික කරගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව අගෝස්තු 18 සහ 19 යන දෙදින තුළ මෙන්ම සැප්තැම්බර් 02 දිනද පැවැත්වීමට ඉහත අමාත්‍යාංශ ත්‍රිත්වය සැලසුම් කර ඇත.

එසේම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී එක් එක් ග්‍රාම නිලධාරී වසමට ආවේණික ආපදා අවදානම් සහ වෙනස් වන ආපදා තත්ත්වයන් පළමුව හඳුනාගැනීමට කටයුතු කෙරෙන අතර, ඉදිරි අදියරවලදී මෙම වැඩසටහන මුළු දිවයිනම ආවරණය වන ලෙස පුළුල් කිරීමට ද සැලසුම් කර ඇත.

තවද වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසුව එහි ප්‍රගතිය හා ප්‍රතිඵල සම්බන්ධයෙන් අඛණ්ඩ පසුවිපරම් වැඩසටහනක් ද ක්‍රියාත්මක වන අතර, මෙම කාර්යය වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කරන ග්‍රාම නිලධාරී වසම් ඇගයීමට ලක්කර ඇගයීමෙි ව්‍යාපෘතියක් ද ඉදිරියේදී ක්‍රියාත්මක වේ.

මේ අතර මෙම පුහුණූ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙරටට බලපෑ ස්වභාවික ආපදා සහ වසංගත තත්ත්වයන්වල දී ප්‍රජාවගේ දායකත්වය ඉහළින්ම පැවැතිය ද ඊට පූර්ව සුදානමක් නොතිබුන බව නිරීක්ෂණය වූ බව පැවසුවා.

එවන් අවස්ථාවල දී සන්නිවේදන සබඳතා බිඳවැටීම නිසා ගැටළු රැසක් මතු වූ බවත්, එවන් තත්ත්වයක දී නිවැරදි කර ගත යුතු තැන් බොහොමයක් පවතින බව අවබෝධ කර ගත යුතු බවත් ඔහු සඳහන් කර ඇත.

අඩු ආදායම්ලාභී පවුල්වල මේ සිසුන්ට සුබ ආරංචියක් - රු 5000ක විශේෂ මාසික දීමනාවක්

අඩු ආදායම්ලාභී පවුල්වල මේ සිසුන්ට සුබ ආරංචියක් - රු 5000ක විශේෂ මාසික දීමනාවක්

එමෙන්ම දේශගුණික හා කාලගුණික විපර්යාස හේතුවෙන් සිදුවන ස්වභාවික අනතුරුවලට ලක්විය හැකි විභවය සහිත මුල් ම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වන බවත්, අවිධිමත් අසංවිධානාත්මක සංවර්ධනය, අතිශය ස්වභාවික ක්‍රියාවලිවලට පටහැනිව කටයුතු කිරීම වැනි හේතු නිසා සිදුවන විපර්යාස තත්ත්වයන්ට මුහුණ දීමට එම ආපදා හදුනා ගැනීම, සැලසුම් සකස් කිරීම මෙන්ම ප්‍රජා ශක්ති නායකයින් ඒ වෙනුවෙන් ශක්තිමත් කළ යුතු බවත් පැවසුවා.

ඒ වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බව මෙහිදී ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ආපදා තත්ත්වයක දී උපරිම ප්‍රජා දායකත්වය අප රටවැසියන් තුළ පැවතීම ප්‍රශංසනීය තත්ත්වයක් බව ද කියා සිටියා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ ආපදා අනතුරු කල්තබා හදුනා ගැනීම ඉතා වැදගත් වන බවත්, එකම ස්ථානයක අනතුරු ආපදා අඛණ්ඩව සිදූ වෙනවා නම් ඒ පිළිබද වැඩි අවධානයක් යොමූ විය යුතු බව මෙන්ම එය නැවත සිදු නොවීමට වගබලා ගත යුතු බවත් ය.

ඒ අනුව මෙම පුහුණු වැඩසටහන තුළින් අනාගතයේදී රටට මුහුණදීමට සිදුවිය හැකි විවිධ ආපදා තත්ත්වයන් හමුවේ ජීවිත හා දේපළ හානි අවම කරමින් වඩාත් ශක්තිමත් හා සාමූහිකව කටයුතු කරන ප්‍රජාවක් ගොඩනැගීමට හැකි වේ.

එමෙන්ම මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය ඇතුළු අදාළ අමාත්‍යාංශ ත්‍රිත්වය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී විය.

18 හැවිරිදි තරුණයෙකුට කෝටි 98ක රන් නිධානයක් හමුවෙයි – බෙල්ජියමේ තරුණයාට අහම්බෙන් පෑදුණු වාසනාව

18 හැවිරිදි තරුණයෙකුට කෝටි 98ක රන් නිධානයක් හමුවෙයි – බෙල්ජියමේ තරුණයාට අහම්බෙන් පෑදුණු වාසනාව