DIG ලගේ දුරකථන අංකයට දකුණු පළාතෙන් විතරක් මත්ද්‍රව්‍ය අපරාධ ගැන ඔත්තු 2,000ක්

Report

පොලිස්පතිවරයාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථන අංක ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පමණක් මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ තොරතුරු 2000කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම තොරතුරු ලබා දුන්නේ ඊයේ(28) පේරාදෙණිය හන්දෙස්ස මාම්පිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූවන්ට ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය සඳහා මධ්‍යම පළාත් මධ්‍යස්ථානයේ මුල්ගල් තැබීමේ උත්සවය අමතමිනි.

අයිස් කැලේ මෙන්න අයිස් වගේ සියගුණයක් දරුණු මත්ද්‍රව්‍යක් ලංකාවෙන්

අයිස් කැලේ මෙන්න අයිස් වගේ සියගුණයක් දරුණු මත්ද්‍රව්‍යක් ලංකාවෙන්

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ: "පොලිස්පතිවරයා මෑතකදී තොරතුරු ලබාදීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ දුරකථන අංක ප්‍රකාශයට පත් කළේය. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ, මේ වන විට දකුණු පළාතෙන් පමණක් 2000කට වැඩි තොරතුරු ලැබී ඇති බවයි.

දකුණු පළාතෙන් පමණක් 2000ක් ලැබී තිබෙනවා නම්, අනෙක් පළාත්වලින් ලැබෙන තොරතුරු ගණන ගැන සිතනකොට මත්ද්‍රව්‍ය ජාවාරම්වල ව්‍යාප්තිය කොතරම්ද යන්න පැහැදිලි වේ. හිටපු පාලකයන් මේ සඳහා පිළියම් යොදාගත්ද නැද්ද යන්න ඔබට මම විස්තර කළ යුතු නැත."

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව රජයේ පියවර තුළින් ලැබෙන තොරතුරු මත පදනම්ව විමර්ශන තීව්‍ර කිරීමක් සිදුවන බවත්, දකුණු පළාතේ දේශපාලනඥයින් සමහරෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් සමඟ සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අපරාධකරුවන් මට්ටු කරන්න ආණ්ඩුවෙන් සැලැස්මක්

අපරාධකරුවන් මට්ටු කරන්න ආණ්ඩුවෙන් සැලැස්මක්

මෙම උත්සවයේදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, අනතරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ධාරිතාව 200ක් පමණක් වන අතර, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය යටතේ කන්දකාඩු, සේනපුර වැනි මධ්‍යස්ථානවල ධාරිතාව 1500කට පමණක් සීමා වන බවයි. තවද පෞද්ගලික ආයතන 10-15ක් ඇතත්, මත්ද්‍රව්‍ය ව්‍යාප්තියත් සමඟ පුනරුත්ථාපන පහසුකම් ප්‍රමාණවත් නොවන බවත් ඔහු අවධාරණය කළේය.

මෙම නව මධ්‍යස්ථානය මධ්‍යම පළාතේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පීඩාවිඳින අයගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ.

එක්සත් රාජධානියේ වැඩ කරන්නනම් ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යයි

එක්සත් රාජධානියේ වැඩ කරන්නනම් ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යයි