GovPay සඳහා රාජ්‍ය ආයතන 150 ක් එකතුවේ

Report

GovPay යනු ශ්‍රී ලංකාවේ රජයේ සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාවකි. පුරවැසියන්ට සහ ව්‍යාපාරිකයින්ට බදු (වරිපනම් ඇතුළුව), දඩ, විදුලි බිල්පත්, අධ්‍යාපන ගාස්තු, හෝ වෙනත් සේවා ගාස්තු බැංකු සහ ඩිජිටල් වොලට් හරහා පහසුවෙන් ගෙවීම් කළ හැකිය.

ඒ අනුව  GovPay හරහා ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදය සඳහා මේ වනවිට රාජ්‍ය ආයතන 150 ක් එකතු වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවතී.

විදෙස් ගත දෙමව්පියන්ගේ දරුවන්ට ජනවාරි 01 වැනිදා සිට බැංකු ගිණුමට ලැබෙන දේ මෙන්න

විදෙස් ගත දෙමව්පියන්ගේ දරුවන්ට ජනවාරි 01 වැනිදා සිට බැංකු ගිණුමට ලැබෙන දේ මෙන්න

දැනට GovPay හරහා ගනුදෙනු 24,391 ක් සිදු කර ඇති බවත්, ඒ ගෙවීම්වලින් ලද මුළු ආදායම රුපියල් මිලියන 300 ඉක්මවා ඇති බවයි සඳහන් වන්නේ.‍

උදය ගම්මන්පිලගෙන් මහින්ද රාජපක්ෂට පැමිණිල්ලක්

උදය ගම්මන්පිලගෙන් මහින්ද රාජපක්ෂට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සහ Lanka Pay සමාගම ඒකාබද්ධව දියත් කරන මෙම GovPay ගෙවීම් ක්‍රමය හරහා ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ, බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය කිරීම සිදුවන බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

රටපුරා අනතුරු 2000කට වැඩි පිරිසක් මරුට

රටපුරා අනතුරු 2000කට වැඩි පිරිසක් මරුට