ලංකාවම සතුටින් පිස්සු නටපු ඒ දිනුම ලබලා අදට වසර 12ක් - අදටත් රටම මතක් කරන ලංකාවේ ක්‍රිකට්
ක්‍රිකට් ලොව ශ්‍රී ලංකාව දිනා ගන්නා ලද ඉහළම කුසලාන අතර දෙවැනි ලෝක කුසලාන වන විස්සයි-20 ලෝක කුසලාන දිනා අදට වසර 12ක් සපිරෙයි.
ඉකුත් 2014 වසරේ අප්‍රේල් මස 06 වැනිදා ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන දිනා ගනු ලැබුවේ දහසකුත් ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් හඬ මැදයි.
ඒ බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ දීයි.
එම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සඳහා වැඩිම ලකුණු ලද පිතිකරුවා වීමට මහේල ජයවර්ධන සමත් විය.
එමෙන්ම තරග 6කට ක්‍රීඩා කළ මහේල ලකුණු 158 ක් රැස් කරන ලද්දේ අවසන් මහ තරගයේදී ලද ලකුණු 24 ද සමඟින් පන්දු 24 කදී ලබා ගත් එම ලකුණු සංඛ්‍යාව සදහා මහේල හතරේ පහර 4 ක් එල්ල කර තිබුණා.
ලොව පුරා සිටි කණ්ඩායම් 16කගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණයෙන් අනතුරුව මහේල මෙන්ම කුමාර් සංක්කාරද සිය විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියට සමු දීම ක්‍රීඩා ලෝලීන්ගේ ඇසට කඳුළක් එක් කළ සිදුවීමකි.