තලපති විජේගේ රැළියක් අතරතුර තෙරපීමකින් දරුවන් ඇතුළු 10 දෙනෙකු ඇතුළු පිරිසක් මිය යයි
තමිල්නාඩුවේ කරූර් හි TVK ප්‍රධානියා සහ නළු විජේගේ මැතිවරණ ප්‍රචාරක රැලිය අතරතුර අවාසනාවන්ත දැවැන්ත ඛේදවාචකයක් සිදු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
දැවැන්ත ජනකායක් අධික තදබදයක් සහ තෙරපීමක් ඇති කළ අතර, කාන්තාවන් සහ ළමුන් ඇතුළු 31 දෙනෙකු මිය ගිය බවට වාර්තා වේ.
ඒ අතර දරුවන් 10 ක් සිටි බවද තවත් 40 කට වැඩි පිරිසක් බරපතල තත්ත්වයේ පසුවන අතර රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
මෙම සිදුවීම සිදු වූයේ, පාලනය කළ නොහැකි ලෙස සමූහයා තෙරපීමෙන්, හුස්ම හිරවීම හේතුවෙන් මිනිසුන් ඇද වැටීමට පටන් ගත් විට බව සඳහන් වේ.
මෙම රැලිය සඳහා අවම වශයෙන් 30,000ක පමණ පිරිසක්වත් සහභාගී වී සිට ඇති බව එරට පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම රැලිය සඳහා විජේගේ පැමිණීම පැය හයකට වඩා ප්‍රමාද වී ඇති අතර ඒ වන විටත් සෙනඟ පාලනය කරගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම තත්ත්වය අතරතුර බොහෝ දෙනෙක් ක්ලාන්ත වූ බැවින් විජේට තම කතාව අතරමග නතර කිරීමට සිදු වී ඇත. පසුව ගිලන් රථ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඔහු පොලිසියෙන් සහ ස්වේච්ඡා සේවකයින්ගෙන් ඉල්ලා සිටි අතර සිහිසුන් වූවන්ට උපකාර කිරීම සඳහා ජල බෝතල් ද බෙදා දී ඇත.