ඒක පුටින්ට දුන්න තෑග්ගක්.. ඇමෙරිකා රුසියා ඩීසල් ගිවිසුමෙන් යුක්‍රේන ජනාධිපතිගෙ දෙලොව රත් වෙයි - භීෂණයක් ගැන රතු එළි

Report

ඇමෙරිකා එක්සත් ජනපදයට රුසියාවෙන් ඩීසල් ලබාගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇති කරගත් නව ගිවිසුම, යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි හෙළා දැක ඇති බව වාර්තා වේ.

ඒ අනුව සෙලෙන්ස්කි එය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ලැබුණු තෑග්ගක් වශයෙන් හැඳින්වූ අතර එය "දිගු කළ යුතු නොව අවසන් කළ යුතු යුද්ධයක ආයෝජනයක්" වශයෙන් හැඳින් වූ බව සඳහන්.

මේ අතර ට්‍රම්ප් කියා ඇත්තේ, "ඇමෙරිකානු සහ ගෝලීය වෙළඳපොළට" ඩීසල් ටොන් 300,000 ක් වහාම මුදා හැරීමට පුටින් එකඟ වූ බවත්, නොවැම්බර් මාසයේදී ටොන් 500,000 ක් සහ ඉන් පසුව තවත් මිලියනයක් නිකුත් කිරීමට එකඟ වූ බවත් ය.

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

එමෙන්ම ගිවිසුමේ කොටසක් වශයෙන් ඇමෙරිකානු භාණ්ඩාගාරය රුසියානු ඩීසල් අපනයන සඳහා සම්බාධක අප්‍රේල් 7 වන දින දක්වා අත්හිටුවන බව වටහාගෙන ඇතත්, ඇමෙරිකානු බැංකුවල ඇති අනෙකුත් වත්කම් තවමත් අත්හිටුවා ඇති බව සඳහන්.

මේ අතර යුක්රේනයේ ප්‍රහාරයට ලක්ව ඇති එහි පිරිපහදුවල තත්ත්වය මත පදනම්ව, "කෙටි කාලයක් ඇතුළත" තවත් රුසියානු ඩීසල් ටොන් මිලියන තුනක් ලබා දෙන බව ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.

මේ සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 දක්වා අත්හිටුවයි.. ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් තීරණයක්

මේ සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 දක්වා අත්හිටුවයි.. ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් තීරණයක්

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සඳහන් කර සිටියේ, මෙසේ රුසියාව ලබාගන්නා මුදල් සඳහා නැවත ප්‍රතිචාර දක්වනු ඇත්තේ "තවදුරටත් භීෂණය පතුරුවමින්" බවයි.

එමෙන්ම යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා ඇමෙරිකාවෙන් ශක්තිමත් සහ සාධාරණ සහයෝගයක් අපේක්ෂා කරන බවත්, රුසියාව සමඟ දුර්වල ලෙස නොව ශක්තිමත් ලෙස කටයුතු කළ යුතු බවත් ‍ය. 

දිගටම ඉන්ධන සැපයුම සීමා කර ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කළොත් කරන්නේ මේකයි - ඉන්ධන සමාගම්වලට දැඩි අවවාදයක්

දිගටම ඉන්ධන සැපයුම සීමා කර ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කළොත් කරන්නේ මේකයි - ඉන්ධන සමාගම්වලට දැඩි අවවාදයක්

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්