ප්‍රබල Youtuber තරුවක් අත්අඩංගුවට
පාකිස්තානය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවන මත ඉන්දියාවේ හර්යානා හී පදිංචි යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය තරුණියක ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ ප්‍රසිද්ධි සංචාරක යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනු ලැබූ 33 හැවිරිදි ජෝති මල්හෝත්‍රා Travel with JO නම් තරුණියක් ඇතුළු පිරිසකි.
ඇය ඇතුළු පිරිස විසින් ඉන්දීය හමුදා තොරතුරු පාකිස්තානය සමග බෙදා ගෙන ඇති බවට මේ වන විට ඉන්දීය ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.
ඉන්දීය ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇති පරිදී ජෝති මල්හෝත්‍රා විසින් 2023 වසරේදී දෙවරක් පාකිස්තානය වෙත ගොස් ඇති බවත් ඇයගේ එම සංචාරයට පෙර නවදිල්ලියේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වූ එහ්සාන්-උර්-රහිම් නම් අයෙකු සමග සමීප සම්බන්ධතාවක්ද ගොඩනගාගෙන තිබේ.
එම රහීම් නම් අයව පසුගිය පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දීය ආරක්ෂක අංශ විසින් නීත්‍යානුකූල නොවන අයෙකු ලෙස සලකා ඇති අතර ඔහුට පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙසට ද නියෝග කර තිබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් ඇය විසින් 2023 වසරේදී සිදුකළ පාකිස්තාන සංචාරය අතරතුර එරට ආරක්ෂක අංශ සහ බුද්ධි නිලධාරීන් හමුව ඇති බවත් පසුව නැවත ඉන්දියාවට පැමිණ එකී නිලධාරීන් සමග නිරන්තර සම්බන්ධතා පවත්වා ගනිමින් ඉන්දීය ජාතික විරෝධී තොරතුරු බෙදා ගැනීමට පටන් ගෙන ඇති බවත් ඇය විසින් ඉන්දීය ආරක්ෂක අංශ වෙත පාපොච්චාරණය කර ඇති අතර ඔත්තු බැලීමේ චෝදනාවට ලක් වූ රහීම් නම් අයව කිහිප වතාවක්ම මුණ ගැසී ඇති බවත් ඇය විසින් එහිදී ඉන්දීය ආරක්ෂක අංශ හමුවේ පාපොච්චාරණය කර ඇත.
තවද ජෝති මල්හෝත්‍රා විසින් ඉන්දියාවේ ස්ථාන පිළිබඳ සංවේදී තොරතුරු පාකිස්තාන නිලධාරීන් හමුවේ බෙදා ගෙන ඇති ආකාරය පිළිබඳව මෙහිදී ඉන්දීය ආරක්ෂක අංශ හමුවේ ඇය විසින් පාපෝච්චාරණය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර ජෝති මල්හෝත්‍රාට අමතරව තවත් අයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ පන්ජාබ්හී මලර්කොට්ලා හී පදිංචි 32 හැවිරිදි කාන්තාවකි. ඇය විසින් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට පාකිස්තානය වෙත ගොස් ඇති බවත් එහිදී රහීම් නම් අය මුණ ගැසී හඳුනාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.
පසුව කාලයත් සමග රහීම් නම් අය විසින් ගුසාලා නම් මෙම කාන්තාවට විටින් විට මුදල් ලබා දීම් සිදුකර ඇති බවත් ඉන්දීය ආරක්ෂක අංශ විසින් මෙහිදී අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
