සමන්තාගේ ආදරවන්තයා මෙයාද?
By Ashfa
නාග චෛතන්‍යා සමඟ ඇගේ වෙන්වීමෙන් පසු, සමන්තා රූත් ප්‍රභූ නැවතත් ආදරය සහා සතුට සොයා ගත් බව පෙනේ.
නිෂ්පාදකවරියක් ලෙස ඇයගේ මංගල චිත්‍රපටය වන සුභම් ජනප්‍රිය වූ නමුත් රසිකයන් කතා කරන්නේ චිත්‍රපට නිෂ්පාදක රාජ් නිදිමෝරු සමඟ ඇයගේ වැඩෙන සමීපතාවයයි.
හුරුබුහුටි සෙල්ෆි නිසාම මෙම යුවළගේ ආලය පිළිබද කටකතා ඇති වී තිබේ.
ඔවුන්ගේ මෑත කාලීන ගුවන් යානා සෙල්ෆි සමාජ මාධ්‍ය තුළ කැළඹීමක් ඇති කළේය.
විශේෂයෙන් රාජ්ගේ බිරිඳ ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයක් දැමීමෙන් පසුව නෙටිසන්වරුන්ගේ සැකය තවත් වැඩි වී ඇත.
මේ දෙදෙනා අතර අවුරුදු 8 ක වයස් පරතරයක් ඇති අතර සමන්තා සහ රාජ් සමීප සහයෝගීතාකරුවන් පමණක්ද නැතහොත් ආදරවන්තයන්ද යන්න තවම සැකයකි.



