පොලිස් වෙඩිල්ලක් පත්තු වෙයි - වයස 17 තරුණයෙක් මරුට

Report

යාපනය, අල්ලපිඩ්ඩි ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය කළ වෙඩි තැබීමකින් රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 17ක තරුණයෙක් වන අතර අල්ලපිඩ්ඩි ප්‍රදේශයේ වාහනයක ගමන් කරමින් සිටියදි මියගිය පුද්ගලයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රාජකාරියේ යෙදී සිටි පොලිසිය එම වාහනය අවහිර කළ විට, පොලිස් සංඥා උල්ලංඝනය කරමින් ගමන් කර ඇත.

ගෑස් මිලෙහි අඩුවීමක්? පාලන මිලක් පනවයිද?

ගෑස් මිලෙහි අඩුවීමක්? පාලන මිලක් පනවයිද?

පසුව එම වෙඩි තැබීමෙන් රියැදුරු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු සමඟ ගමන් කළ නල්ලූර් සහ වඩ්ඩුකෝට්ටෙයි ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි..