පෙම්වතිය බැලීමට ගිය තරුණයාට හීනෙකින්වත් නොසිතන ඇබැද්දියක් වෙලා..

Report

කිළිනොච්චියේ සිට යාපනයේ සිටි සිය පෙම්වතිය බැලීමට ගිය තරුණයෙකුව කඩුවකින් කපා ඔහු සතුව තිබූ මුදල් හා ස්වර්ණාභරණද, ජංගම දුරකතනයද ඊයේ (29) කොල්ල කා ඇති බවට මනිප්පායී පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ .

ළමා නර්තන වැඩමුලුවකට එල්ල කල පිහි ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මිය යයි..

ළමා නර්තන වැඩමුලුවකට එල්ල කල පිහි ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මිය යයි..

කිළිනොච්චියේ සිට යාපනයට ගොස් එතැන් සිට මෙම තරුණයා උරුම්පිරායි ප්‍රදේශය දක්වා ත්‍රිරෝද රථයකින් ගොස් ඇති අතර, එම අතරවාරයේ දී ඔහු ගමන්ගත් ත්‍රිරෝද රථය තවත් ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මාර්ගය හරස් කොට නතර කිරීමෙන් පසුව මෙම මංකොල්ල කෑම සිදුකොට ඇත.

එහිදී පහරකෑමට ලක්වූ එම තරුණයා සිහිසුන්ව බිම ඇද වැටී ඇති අතර, ඔහු විසින් කුලී පදනම මත ලබා ගත් ත්‍රිරෝද රථයද ඔහුට නැවත සිහිය ලැබී බලන විට අතුරුදහන්ව තිබූ බවයි ඔහු ප්‍රකාශ කොට ඇත්තේ.

මොකක්ද මේ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ගැන ගන්න යන දැඩි තීරණය..(VIDEO)

මොකක්ද මේ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ගැන ගන්න යන දැඩි තීරණය..(VIDEO)

ප්‍රදීපන් විනුජන් නමැති 25 හැවිරිදි මෙම තරුණයා ඒ අනුව වහාම මානිප්පායි පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් සිදුකරමින් සිටි අවස්ථාවේදී යළිත් සිහිසුන්ව ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් මෙම තරුණයාව ගිලන් රථයක ආධාරයෙන් යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ .

මානිප්පායි පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරනු ලබයි.