ළමා නර්තන වැඩමුලුවකට එල්ල කල පිහි ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මිය යයි..

Crime Death England World Latest Headlines
By Piyumika Jul 30, 2024 02:19 AM GMT
Piyumika

Piyumika

Report

උතුරු එංගලන්තයේ සවුපෝර්ට් හි පිහි ඇනුමක් සිදු වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මෙම සිදුවීම ඊයේ (29) පෙරවරු 11.50ට පමණ වන අතර ළමා නර්තන වැඩමුළුවකදී එම පිහි ඇනුම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ .

ජොන්ටිව මැරුව පළියට සෝනිව මරන්න කියලා දෙලා එවපු ගෝලයෝ දෙන්නා වැඩේ දෙල් කරගෙන..

ජොන්ටිව මැරුව පළියට සෝනිව මරන්න කියලා දෙලා එවපු ගෝලයෝ දෙන්නා වැඩේ දෙල් කරගෙන..

සිදුකළ පිහි ඇනුමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ.ගැහැනු ළමුන් 08 දෙනෙකු පමණ් අවම වශයෙන් බරපතළ තුවාල ලබා ඇති බවත් පැවසේ .තුවාලකරුවන් මේ වනවිට ප්‍රදේශයේ ළමා රෝහල් වෙත සහ රජයේ මෙන් ම පෞද්ගලික රෝහල් වෙත මාරු කර යවා ඇති බවයි සඳහන් වනුයේ .

මර්සිසයිඩ් පොලිසිය පැවසුවේ පිහි ඇනුම පිළිබඳ වාර්තා ලැබී ඇති අතර සිදුවීම සිදුවන අවස්ථාවේ දී පොලිස් හදිසි ඇමතුම් අංශයට අපරාධය පිළිබඳ ව තොරතුරු වාර්තා වූ බවත්; ඒ සමග ම පොලිසිය ක්‍රියාත්මක වූ බවයි.

කාවඩි නටන්න ගිය තරුණයාගේ අත දෙකට කපලා..

කාවඩි නටන්න ගිය තරුණයාගේ අත දෙකට කපලා..

කෙසේවෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිය සඳහන් කර ඇත්තේ;

”සිද්ධියෙන් සිදු ව ඇති ජීවිත හානි ගණන ඉහළ යා හැකි බවත්; තවමත් සිදුවීම පිළිබඳ කරුණු අනාවරණය වෙමින් පවතින බවයි. එමෙන්ම අපරාධය සිදු කළා යැයි පැවසෙන පිරිමි ළමයකු පොලිස් අත්අඩංගුවේ සිටින බවත්; අපරාධය සඳහා යොදාගත් පිහිය ද මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කර තිබේ .

අදාළ පිහි ඇනුම සිදුකළ සැකකාර 17 හැවිරිදි පිරිමි ළමයා මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් අවසන්..” බවත් එම පොලිසිය පවසා ඇත .

මේ අනුමැතීන් දෙක නැත්තම් නගර සංවර්ධන සැලසුම් වලට ඉඩ නෑ..

මේ අනුමැතීන් දෙක නැත්තම් නගර සංවර්ධන සැලසුම් වලට ඉඩ නෑ..

මෙම සිදුවීම පිළිබඳ ව ප්‍රාදේශීය ව්‍යාපාරිකයෙකු වන කොලින් පැරී නමැත්තා විසින් සිය ඇසින් දුටු සාක්ෂි පොලිසිය හමුවේ සිදු කරමින් සඳහන් කර ඇත්තේ;සවුප්පෝට් හි සිදුවීම හරියට ත්‍රාසජනක චිත්‍රපටයක දර්ශනයක් වැනි යැයි කියාය.

අදාළ සිදුවීමට මුහුණ පා ඇත්තේ වයස අවුරුදු 11ක් පමණ වන වයස් කාණ්ඩයේ පසුවන දරුවන් බවත් හෙළි ව තිබේ . සවුපෝට් සිට සැතපුම් 20ක් පමණ දුරින් ලිවර්පූල් හි ඇල්ඩර් හේ ළමා රෝහල් භාරයේ මෙම තුවාල ලැබූ දරුවන් ප‍්‍රතිකාරයේ පසුවන අතර කෙසේවෙතත් මෙම සිදුවීමෙන් තුවාල ලැබූ දරුවන්ගේ දෙමාපියන් මෙල්ල කරගැනීම අපහසු වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සවුස්පෝට් නියෝජනය කරන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පැට්‍රික් හර්ලි පවසන්නේ “සිද්ධිය” පිළිබඳ ව තමා “දැඩි කනස්සල්ලට පත් වූ” බවයි. “විපතට පත් වූවන්ට දිය හැකි හොඳම සාධාරණය මම බලාපොරොත්තු වෙනවා. මගේ සිතුවිලි විපතට පත් වූ සියලු දෙනාට, ඔවුන්ගේ ආදරණීයයන්ට සහ සමස්ත ප්‍රජාවට පිරිනැමෙනවා...”යනුවෙන් හර්ලි X හි සඳහන් කර ඇත.

ළමා නර්තන වැඩමුලුවකට එල්ල කල පිහි ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මිය යයි.. | Stabbing In England Two Children Dead

ළමා නර්තන වැඩමුලුවකට එල්ල කල පිහි ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මිය යයි.. | Stabbing In England Two Children Dead


ReeCha