"පුතා අයේ එන්නේ රස්සාවක් එක්කමයි" කියපු ඔහු අද සදහටම යන්න ගිහින්..

By Piyumika Dec 09, 2024 02:40 AM GMT
Report

කළුතර, පනාපිටිය, කෙත්සිරි මාවත ප්‍රදේශයේ පිහිටි ළිඳක ගිලී ඊයේ  (08) පස්වරුවේ තරුණයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 18ක තරුණයෙක්. මෙම තරුණයා තවත් මිතුරන් කිහිප දෙනෙක් සමඟ යතුරුපැදිය සේදීමට පනාපිටිය, කෙත්සිරි මාවත ප්‍රදේශයේ පිහිටි ළිඳකට ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වත්කම් බැරකම් වහාම ලබා දෙන්නැයි දැනුම්දීමක්...

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වත්කම් බැරකම් වහාම ලබා දෙන්නැයි දැනුම්දීමක්...

එම අවස්ථාවේ දී වතුර ගැනීමට භාවිත කළ බාල්දිය ළිඳට වැටී ඇති අතර, එය ගැනීමට ගිය තරුණයා මෙලෙස ළිඳේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගීවීමට ඊයේ (07) මහියංගනයේ සිට කළුතර, පනාපිටිය ප්‍රදේශයට පැමිණ ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ධීවරයින් වැඩ වර්ජනයක...පවුල්වලට වන්දි ලබා දෙන ලෙස ඉල්ලයි..

ධීවරයින් වැඩ වර්ජනයක...පවුල්වලට වන්දි ලබා දෙන ලෙස ඉල්ලයි..

මොහු තම මිතුරන් දෙදෙනෙකු ද සමඟ හෙට (09) දිනයේ දී සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමට සූදානම්ව සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.


You may like this video