ධීවරයින් වැඩ වර්ජනයක...පවුල්වලට වන්දි ලබා දෙන ලෙස ඉල්ලයි..
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවරයින් 14 දෙනා වහාම නිදහස් කරන ලෙස තමිල්නාඩුවේ රාමේෂ්වරම් හි ධීවර සංගම් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටිනවා.
ඔවුන් දෙසැම්බර් 07, 08 යන දිනවල සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරමින් මේ පිළිබඳව රජයෙන් ඉල්ලා සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය ධීවර නායක සේසු රාජා කියා සිටියේ ප්‍රජාව විවිධ දුෂ්කරතාවලට මුහුණ දී ඇති බවත් ඔවුන්ගේ ජීවනෝපාය ප්‍රශ්නකාරී බවයි.
මාස කිහිපයකට පෙර නවදිල්ලි මධ්‍යම අමාත්‍යවරුන් අපෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වෙන බැවින් ඉවසීමෙන් සිටින ලෙසයි. දැන් මැතිවරණය අවසන් වී නව ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් වැඩ භාරගත් පසු මධ්‍යම රජය නිහඩව සිටින බවයි ඔහු එහිදී පවසා සිටියේ.
එමෙන්ම ධීවර කර්මාන්තයේ නියැලෙන්නන් නිරතුරුවම ප්‍රශ්නකාරී තත්ත්වයන්ට මුහුණ දෙන බවත් තමිල්නාඩුවේ ධීවරයින්ගේ අනාගතය අඳුරු වී ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් අත්අඩංගුවට ගත් ධීවරයින්ට මාස හයක, වසරක සහ වසර දෙකක සිරදඬුවම් පනවා ඇති බවට චෝදනා කළ ඉන්දීය ධීවරයින් එය ඉවත් කරන ලෙස ඉල්ලා සිටි අතර අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ සිරගත කර සිටින ධීවරයින්ගේ පවුල්වලට වන්දි ලබා දෙන ලෙස සංගම් ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර සිටින්නේ.
You may like this video