එක්සත් රාජධානියට එන්න ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 85ට බලපෑම

Report

එක්සත් රාජධානිය විසින් එරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරය පද්ධතිය එළඹෙන බදාදා (26) සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක පුරවැසියන්ට මෙය බලාත්මක වන අතර, මුළු රටවල් 85ක පුද්ගලයින්ට මෙම නව නීතිය අදාළ වේ.

ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරය යනු එක්සත් රාජධානියට ගමන් කිරීමට අවශ්‍ය ඩිජිටල් අවසරයක් වන අතර, පෙබරවාරි 25 සිට එක්සත් රාජධානිය වෙත ගමන් කරන සංචාරකයින් බොහෝ දෙනෙකුට මෙය අනිවාර්ය වේ.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

මෙම ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරය මගින් සංචාරකයන්ට මාස 6ක් දක්වා රැදී සිටීමට ඉඩ ලැබෙන අතර, එය වසර 2ක් හෝ විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වන තෙක් වලංගු වේ.

කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ ගුවන්තොටුපළ හරහා ගමන් කරන සංචාරකයින්ට සහ දේශසීමා ආරක්ෂාව හරහා යාමට අවශ්‍ය නොවන පුද්ගලයින්ට ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරය අවශ්‍ය නොවන බව එරට රජය පවසයි.

රැකියා හෝ දිගුකාලීන අධ්‍යාපනය සඳහා පැමිණෙන අයට වීසා බලපත්‍රයක් අවශ්‍ය වන අතර, බ්‍රිතාන්‍ය හෝ අයර්ලන්ත පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරය හෝ වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවේ.

ද්විත්ව ජාතිකයන් සඳහා එම නව රීති සම්බන්ධයෙන් යම් ගැටලු මතු වී ඇති අතර, එය ඉදිරියේදී වැඩිදියුණු කිරීමට එරට රජය සැලසුම් කර තිබේ. මෙම නව පද්ධතිය මගින් එක්සත් රාජධානියට එන සංචාරකයින්ගේ ගමන් ක්‍රියාවලිය තවදුරටත් ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ. 

භයානක තත්ත්වයක් - කිලිනොච්චියේ බෝම්බ බියක් - බෝම්බය සොයා දැවැන්ත මෙහෙයුමක්

භයානක තත්ත්වයක් - කිලිනොච්චියේ බෝම්බ බියක් - බෝම්බය සොයා දැවැන්ත මෙහෙයුමක්