ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

Report

 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (25) දහවල් කාලයේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලිපිකාර, කලමනාකාර සහකාර සහ කාර්මික සේවා සංගමයේ නිළධාරීන් හා සාමාජිකයන් උද්ඝෝෂණයක නිරත වූහ.

රජය විසින් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම, සංගම් සාමාජිකයන්ගේ දීමනා කප්පාදු කිරීම, එම්සීඒ දීමනාව ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන පැයකට ආසන්න කාලයක් පුරා මෙම විරෝධතාව සිදු විය.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ විමර්ශනවල අලුත්ම තත්වය

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ විමර්ශනවල අලුත්ම තත්වය

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල ශාඛාව මගින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයේදී සේවකයන්ගේ අයිතිවාසිකම් හා දීමනා සම්බන්ධ ගැටලු රජයේ අවධානයට යොමු කිරීමට ඔවුන් බලාපොරොත්තු වූහ.

සාමකාමීව පැවති මෙම විරෝධතාවට සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වූ අතර, විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය කටයුතුවලට බාධා නොවන ආකාරයෙන් එය සිදු විය.

සංගමයේ නියෝජිතයන් පෙන්වා දුන් පරිදි, මෙම ගැටලුවලට ඉක්මනින් විසඳුම් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා රජය මැදිහත් විය යුතු බව ඔවුන් අවධාරණය කළහ.

හැටන් නගරය නොසන්සුන් වෙයි - කුපිත වූ වෙළෙදුන් සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

හැටන් නගරය නොසන්සුන් වෙයි - කුපිත වූ වෙළෙදුන් සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්