ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුටත් වැඩ වරදී - බදින්නම් කියලා කෙල්ලට කරපු අපරාධය

Report

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක යෂ් දයාල්ට කාන්තාවක් විසින් විවාහයේ නමෙන් වංචාවක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබේ.

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගාසියාබාද් නගරයෙන් පැමිණි කාන්තාවක් විසින් මෙම චෝදනා ඉදිරිපත් කර ඇති බවයි. ඇය සඳහන් කළේ, පසුගිය අවුරුදු පහක පමණ කාලයක් තුළ යෂ් දයාල් විසින් තමන්ට මානසික හා ශාරීරික පීඩා හා වංචාවන් සිදුකළ බවය.

ඇමති සුනිල් හඳුන්නෙත්තිට ඉංග්‍රීසි බැරිද ? සමුළුවට ගිහින් මොකක්ද කරගත්තේ ?

ඇමති සුනිල් හඳුන්නෙත්තිට ඉංග්‍රීසි බැරිද ? සමුළුවට ගිහින් මොකක්ද කරගත්තේ ?

අදාළ කාන්තාව පවසන්නේ, යෂ් දයාල් විසින් ඇයව තම පවුලේ ලේලියක් ලෙස හඳුන්වා දුන් බවත්, එහිදී විවාහ පොරොන්දුවකින් විශ්වාසය ලබාගත් බවත්ය. තවද, ඔහු වෙනත් කාන්තාවන් සමඟද සබඳතා තබාගෙන සිටි බව තමාට පැහැදිලිව පෙනී ගිය බවත් ඇය චෝදනා කරයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් ඇය පවසන්නේ, පොලිසිය මට්ටමින් මෙය විමර්ශනයක් සඳහා යොමු නොකළ බවත්, තමන් මුහුණදෙන මූල්‍යමය හා සමාජීය අසරණභාවය හේතුවෙන් IGRS හරහා උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයට යුක්තිය සඳහා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවත්ය.

ඇය අමතරව සඳහන් කළේ, යෂ් දයාල් සමඟ පැවති කතාබස්, කෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම් සහ ඡායාරූප වැනි සාක්ෂිද තමන් සතුව ඇතැයි.

මේ පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් සහ සාධාරණව විමර්ශනයක් සිදුකර, ක්‍රීඩකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තම ඉල්ලීම බවද ඇය පැවසීය.

නවතම IPL තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් ඉටු කළ යෂ් දයාල්, ශූරතාවය දිනා ගැනීමට ද සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ක්‍රීඩකයෙකි.