මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන්න දිවයින පුරා බාර් වැසෙයි.. මෙන්න මේ දවසේ.. (PHOTOS)

Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Oct 01, 2024 07:19 AM GMT
krishani

krishani

Report

එළඹෙන 03 වැනිදාට යෙදී ඇති ලෝක අමද්‍යම දිනය නිමිත්තෙන් එදිනට දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙයි.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් එලෙස වසා තැබීමට නියෝග කර තිබෙනවා.

ඊයේ රෑ හැමෝම සුව නින්දේ ඉද්දී මොකක්ද ඒ වුණේ?. පොකට් එකට දැනෙන්න ඉන්ධන මිල විශාල ගාණකින් බැස්සුව ද?.

ඊයේ රෑ හැමෝම සුව නින්දේ ඉද්දී මොකක්ද ඒ වුණේ?. පොකට් එකට දැනෙන්න ඉන්ධන මිල විශාල ගාණකින් බැස්සුව ද?.


එමෙන්ම එදින සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සඳහා විවෘතව තැබෙනු ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර, මද්‍යසාර හේතුවෙන් රෝගී වූවන් වෙනුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 237ක් වැය කරන බව ADIC ආයතනය සඳහන් කළේ ය.

උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටළුව රටේ ලොකුම පුටුව ළඟටම යයි.. වහාම ජනපති කීව දෙය මෙන්න..

උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටළුව රටේ ලොකුම පුටුව ළඟටම යයි.. වහාම ජනපති කීව දෙය මෙන්න..


ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්, ඔවුන් ප්‍රකාශ කළේ, මත්පැන් හේතුවෙන් වසරකට පුද්ගලයින් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ මිය යන බවයි.

ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණවලින් 10න් අටකට හේතුව බෝවන රෝග වනවා.

එම රෝග ඇතිවීමට බලපාන සාධක 4න් එකක් මද්‍යසාර වන බව සඳහන් වේ.

මාලිමාව ආවනේ දැන්.. දීමනා, ඉන්ධන.. සියල්ල අහෝසියි.. පුදුම හිතෙන ඒ තීරණය මෙන්න..

මාලිමාව ආවනේ දැන්.. දීමනා, ඉන්ධන.. සියල්ල අහෝසියි.. පුදුම හිතෙන ඒ තීරණය මෙන්න..


මත්පැන් භාවිතය හේතුවෙන් මෙරට තුළ දෛනිකව අකල් මරණ 50ක් වාර්තා වන බව ADIC ආයතනය අවධාරණය කළේ ය.

එමෙන්ම, වසරකට වාර්තා වන අකල් මරණ සංඛ්‍යාව 15000ත් 20000ත් අතර ප්‍රමාණයක් වේ.

ඉඩම් විකුණ විකුණා.. ජීවත් වෙන හිටපු ජනාධිපතිනී.. මහින්ද රාජපක්ෂත් ඇයට කරපු දෙයක් ප්‍රසිද්ධියේම කීවේ මෙහෙමයි..

ඉඩම් විකුණ විකුණා.. ජීවත් වෙන හිටපු ජනාධිපතිනී.. මහින්ද රාජපක්ෂත් ඇයට කරපු දෙයක් ප්‍රසිද්ධියේම කීවේ මෙහෙමයි..


කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ විස්තරය ඇතුළත් නිවේදනය පහතින් දැක් වේ,


GalleryGallery