ලොව වයස්ගතම පුද්ගලයා 117 වැනි උපන්දින සපිරෙයි- ගිනස් වාර්තා හිමි එතෙල් කැටර්හැම්ගෙන් විශේෂ පණිවිඩයක්

By Kanchana Aug 22, 2026 09:34 AM GMT
Report

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා මගින් පිළිගනු ලබන එතෙල් කැටර්හැම් සිකුරාදා සිය 117 වැනි උපන්දිනය සැමරුවාය. ඇය සිය උපන්දිනය වෙනුවෙන් විදෙස් මාධ්‍ය වෙත වෙත පණිවිඩයක් නිකුත් කරමින්, 117 වැනි වියේදී පවා තම ජීවිතයේ නව අත්දැකීම් රැසක් ලැබූ බව සඳහන් කළාය.

“සියලුම කාරුණික උපන්දින සුබ පැතුම්වලට ස්තූතියි. වයස අවුරුදු 117දී පවා මේ වසරේ මට බොහෝ පළමු අත්දැකීම් ලැබුණා. ලාමා කෙනෙකු ස්පර්ශ කිරීමේ සිට රජු සමඟ අත් අල්ලා ගැනීම දක්වා ඒ අතර තිබුණා,” ඇය පැවසුවාය.

කැටර්හැම් සඳහන් කළේ සිය පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ උපන්දිනය සැමරීමට සුන්දර දිනයක් ගත කළ බවත්, ඉදිරි වසරේදී කුමක් සිදුවනු ඇත්දැයි බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇය III වන චාල්ස් රජු හමුවී තිබේ. එහිදී 1969 වසරේ චාල්ස් කුමරු ලෙස ඔහුගේ අභිෂේක උත්සවය නැරඹූ බවට ඇති මතකයන් ද ඇය රජු සමඟ බෙදාගෙන ඇති බවවිදෙස් මාධ්‍ය වෙත වැනිදා එක්සත් රාජධානියේ උපත ලබා තිබුණේ, III වන චාල්ස් රජුගේ මී මුත්තා වූ VII වන එඩ්වඩ් රජුගේ පාලන සමයේදීය.

බ්‍රසීලියානු කන්‍යා සොහොයුරියක වූ ඉනා කැනබාරෝ ලූකස් වයස අවුරුදු 116දී මියගිය පසු, පසුගිය වසරේ කැටර්හැම් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා මගින් පිළිගනු ලැබුවාය. ඇය දැනට ලොව ජීවත්ව සිටින වයස්ගතම කාන්තාව ලෙසද එම වාර්තාවට හිමිකම් කියයි.

ගිනස් ලෝක වාර්තා ආයතනය ඇයට සුබ පැතුම් එක් කරමින් සඳහන් කළේ, ජීවත්ව සිටින වයස්ගතම පුද්ගලයා සහ ජීවත්ව සිටින වයස්ගතම කාන්තාව යන වාර්තා දෙකම ඇය සතු වීම සැමරීමට තරම් විශේෂ කරුණක් බවයි.

කැටර්හැම් මීට පෙර ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පවසා තිබුණේ තම දීර්ඝායුෂ සඳහා හේතුවක් ලෙස අන් අය සමඟ ගැටුම් ඇති කර නොගැනීම සැලකිය හැකි බවයි.

“මම කිසිවෙකු සමඟ කිසි විටෙකත් වාද කරන්නේ නැහැ. මම සවන් දෙනවා, මම කැමති දේ කරනවා,” ඇය එහිදී පවසා තිබිණි.

ගිනස් වාර්තාවලට අනුව, කැටර්හැම් සහෝදර සහෝදරියන් අට දෙනෙකුගෙන් යුත් පවුලක හත්වැනි දරුවාය. ඇගේ සහෝදර සහෝදරියන් අතරින් කිහිපදෙනෙකුම වයස අවුරුදු 100 ඉක්මවා ජීවත් වී ඇති අතර, එක් අයෙකු වයස අවුරුදු 104 දක්වා ජීවත් වී තිබේ.

1976දී මියගිය ඇගේ සැමියා නෝමන් කැටර්හැම් මෙන්ම ඔවුන්ගේ දියණියන් දෙදෙනා වන ජෙ සහ ඈන්ටද වඩා වැඩි කාලයක් ඇය ජීවත් වී තිබේ. මේ වනවිට ඇය දරුවන් තිදෙනෙකුගේ මිත්තණියක සහ මුණුබුරන්ගේ දරුවන් පස් දෙනෙකුගේ මී මිත්තණියක වේ.

නන්දා මාලිනියන්ට අවසන් ගෞරව දක්වන්න ආ හේමාල් රණසිංහ- කලා ලෝකයම සංවේදී වෙයි

නන්දා මාලිනියන්ට අවසන් ගෞරව දක්වන්න ආ හේමාල් රණසිංහ- කලා ලෝකයම සංවේදී වෙයි

තරුණ අවධියේදී කැටර්හැම් නැනීවරියක ලෙස කටයුතු කර ඇති අතර පසුව ළදරු පාසලක්ද පවත්වාගෙන ගොස් තිබේ.

වර්තමානයේ ඇය එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ රැකවරණ නිවාසයක ජීවත් වන අතර, ගිනස් ලෝක වාර්තාවලට අනුව සිය 117 වැනි උපන්දිනය පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලිකව සැමරීමට කටයුතු කර තිබේ.