ලොව විශාලතම ආහාර සටන ස්පාඤ්ඤයේ දී...(PHOTOS)

By Parami Dissanayake Aug 29, 2024 06:12 PM GMT
Report

ලොව විශාලතම ආහාර සටන ලෙස සැලකෙන වාර්ෂික La Tomatina උත්සවය ස්පාඤ්ඤයේ දී පැවත්වෙන්නකි. 

දේශීය වශයෙන් ලබාගත්, ආහාරයට ගත නොහැකි තක්කාලි එකිනෙකා වෙත විසි කර ගනිමින් එම උත්සවය පැවැත්වේ.

වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක ගේබ්‍රියෙල් ජාත්‍යන්තර පිටියට සමු දෙයි ද...?

වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක ගේබ්‍රියෙල් ජාත්‍යන්තර පිටියට සමු දෙයි ද...?

1945 වසරේ සිට පැවත එන සාම්ප්‍රදායික උත්සවයක් වන මෙම උත්සවය මිතුරන් අතර විනෝදජනක ආහාර සටනක් ලෙස ආරම්භ වූවක් ලෙස සැලකේ.

La Tomatina උත්සවයේ දී වීදි රතු තක්කාලිවලින් පිරී යන අතර උත්සවය ආරම්භයේ දී සංගීතය, නර්තනය සහ පෙළපාලි ද ඇතුලත් වේ.

මොනරාගල ප්‍රතික්ෂේප වූ තැපැල් ඡන්ද 900ත් ඉක්මවයි...

මොනරාගල ප්‍රතික්ෂේප වූ තැපැල් ඡන්ද 900ත් ඉක්මවයි...

මෙම සටන තක්කාලි පිරවූ ට්‍රක් රථ වීදිවලට පැමිණීමෙන් පසුව තක්කාලි විසි කර ගනිමින් ආරම්භ වේ.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙවර කිලෝ 120,000කට අධික ප්‍රමාණයක් යොදාගෙන ඇති අතර, පැයක පමණ කාලයක් එකිනෙකා වෙත තක්කාලි විසි කරගෙන ඇති බව ද වාර්තා වේ.  

GalleryGalleryGallery