ගාසා සටන්විරාම ගිවිසුමට ලෝක නායකයින්ගෙන් අත්සන්
By Kaushi
ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් අනතුරුව ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් විසින් අත්සන් තබා ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊජිප්තුවේ පැවති සමුළුවේ දී මෙම සටන්විරාම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි.
එසේම මෙරිකානු ජනාධිපතිවරයා, ඊජිප්තු ජනාධිපතිවරයා, කටාර්මි එමීර්වරයා, තුර්කි ජනාධිපතිවරයා ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තබා ඇති බවද වාර්තා වුණා.
තවද ගාසා තීරයේ ඉතිරිව සිටි ප්‍රාණඇපකරුවන් 20 දෙනා ඊශ්‍රායලයට භාරදීමෙන් පසුව ගිවිසුම අත්සන් තැබීම සිදුවු බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
මේ අතර ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් 250 දෙනෙකු සහ රැඳවියන් 1,700කට වැඩි පිරිසක් නිදහස් කිරීම ද සිදුව ඇති බව පවසයි.