අලුත්ම ලේ වර්ගයක් හමුවෙලා - ලෝකේ වෙන කාටවත්ම නැති වර්ගයක්
By Ashfa
කර්ණාටක ප්‍රාන්තයෙන් කාන්තාවකට ලෝකයේ වෙන කිසිවෙකුට නොපවතින නවතම රුධිර වර්ගයක් හඳුනාගෙන තිබේ.
මෙම කාන්තාව හෘද සැත්කමක් සදහා බෙංගලෝරු හි පිහිටි පෞද්ගලික රෝහලක දී ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී ඇගේ රුධිරය පරීක්ෂා කිරීමට යොමු කළහ.
ඒ අනුව පළමු පරීක්ෂණවලදී ඇයට 'O Rh Positive' ලෙස හඳුන්වනු ලැබූවද, වැඩිදුර විශ්ලේෂණයක් සඳහා රුධිර නියැදියක් එක්සත් රාජධානියේ ජාත්‍යන්තර රුධිර වර්ග අනාවරණ මධ්‍යස්ථානයට යොමු කෙරිණි.
මෙම නියැදිය මත මාස 10ක් පුරා සිදුකළ ගවේෂණයේදී, ඇගේ රුධිර වර්ගය ලෝකයේ වෙන කිසිවෙකුට නොපවතින අතිවිශේෂිත නව වර්ගයක් බව සනාථ විය.