ගුරුවරුන්ට හා සිසුන්ට ලෝක බැංකුවෙන් මිලියන 50ක්

Report

ශ්‍රී ලංකාව පුරා සිටින ඇස්තමේන්තුගත සිසුන් ලක්ෂ 5කට සහ ගුරුවරුන් 150,000කට අදාලව ක්‍රියාත්මක වන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 50ක අමතර මුදල් පැකේජයක් අනුමත කර ඇත.

රන් මිල නැවත වැටෙයි

රන් මිල නැවත වැටෙයි

මෙම අරමුදලේ අරමුණ වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නිවැරදි මාර්ගයකට ගෙන යාම, ඉගැන්වීම් ගුණාත්මකභාවය වර්ධනය කිරීම, පාසල් පහසුකම් සහ සිසුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමයි.

මේ මොන අපරාධයක්ද කෝටිපතියව පැහැරගෙන මරලා ජීප් එකේම පුච්චලා

මේ මොන අපරාධයක්ද කෝටිපතියව පැහැරගෙන මරලා ජීප් එකේම පුච්චලා

විශේෂයෙන් වතුකර ප්‍රදේශවල සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහාය වන පාසල් වෙත යළි අවධානය යොමු කෙරේ. ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පැවසුවේ, මෙම සහයෝගය මගින් එක් එක් දරුවෙකුට ආරක්ෂිත හා සාර්ථක ඉගෙනුම් පරිසරයක් සැලසීම සහ ගුරුවරුන්ට ඔවුන්ගේ සිසුන්ගේ දියුණුවට අවශ්‍ය මෙවලම් සපයන්නට හැකි වීමය.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

තවද, අමතර අරමුදල මගින් ගුරු අධ්‍යාපනය නවීකරණය, ඩිජිටල් ඉගෙනුම් කුසලතා වර්ධනය සහ අඛණ්ඩ ගුරු සංවර්ධනය තුළින් ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමටද මෙය උපකාරී වේ.

මේ සමඟම, පිරිසිදු ජලය, සනීපාරක්ෂාව, මානසික සෞඛ්‍ය සහ පාසල් සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන් ව්‍යාප්ත කිරීමද මෙම ව්‍යාපෘතියේ පරමාර්ථයකි.

ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථිකවේදී හර්ෂ අතුරූපනේ මහතා සඳහන් කළේ, මෙම අරමුදල විශේෂයෙන් වතුකර හා ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ට උපකාර වන පරිදි භාවිතා කරන අතර, කාන්තා සිසුන් වෙත විශේෂ අවධානය යොමු කරන බවය. මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ එක්සත් ක්‍රියාදාමයකින් ක්‍රියාත්මක වේ.