කාන්තාවනුත් සිගරැට්වලට වැඩි වශයෙන් යොමුවෙලා - දයාසිරිගෙන් පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
අද (20) බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිගරැට් සම්බන්ධයෙන් ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූහ. WHO වාර්තා අනුව වසරකට 13,000–20,000ත් අතර පිරිසක් සිගරැට් පානය කිරීම හේතුවෙන් මිය යන බව ප්‍රකාශ කළහ.
පිළිකා විශාල ලෙස වාර්තා වන බවද ප්‍රකාශ කළහ. එසේම කාන්තාවන්ද විශාල වශයෙන් සිගරැට් භාවිතයට යොමු වී ඇති බව සඳහන් කළහ. එසේම රුපියල් 160ක් වන සිගරැට් එකක් සඳහා ආණ්ඩුව රුපියල් 109ක බද්දක් අය කරන බවද සඳහන් කළහ.
ඊට අමතරව ලංකාවට විශාල සිගරැට් ප්‍රමාණයක් හොරට, නීතිවිරෝධී ලෙස ගෙන්වන බව සඳහන් කළහ. එසේම කුඩා වෙළෙඳසැල්වල ප්‍රධාන ආයතනවලින් සිගරැට් නාම භාවිත කර කුඩා සිගරැට් එකක් විකුණන බවද සඳහන් කළහ.
“විශේෂයෙන්ම නීතිවිරෝධී සිගරැට් ලංකාවට එන එක සම්බන්ධව ඔබතුමාලට වැඩපිළිවෙළක් නැද්ද, මේ ක්‍රියාවලියට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න? සහ විශේෂයෙන්ම මේ බදු ලබා ගන්නවා වගේම, අනිත් පැත්තෙන් මිනිසුන්ගේ Cancer එකට මේකෙන් යම්කිසි ප්‍රමාණයක දායකත්වයක් ආණ්ඩුව විදිහට දෙන්න බලාපොරොත්තුවක් නැද්ද? මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ නලින්ද ජයතිස්ස මැතිතුමත් ඉන්න නිසා, Cancer patientsලටත් විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අවශ්‍ය කරන බෙහෙත් ටික ගන්න බැහැ එක පැත්තකින්, බෙහෙත් නැහැත් එක්ක, සහ විශාල වියදමක් යනවා බෙහෙත්වලට. ඒ නිසා මේකෙන් යම්කිසි විදිහකට මේ smokingවලින්, නැත්නම් මේ සිගරැට් බීම තුළින් හම්බෙන ආදායමෙන් යම්කිසි ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය, විශේෂයෙන් Cancer patientsලට දෙන විදිහේ වැඩපිළිවෙළක් හදන්න පුළුවන්ද කියලා මං අහන්නේ.”