කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් අවසන් පූර්ව වටය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (29) ආරම්භ වේ.
අවසන් පූර්ව වටයේ පළමු තරගය අද එංගලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබේ.
දෙවෙනි අවසන් පූර්ව තරගය හෙට ඉන්දියානු කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර පැවැත්වේ.
මෙම තරගවල ජයග්‍රාහී කණ්ඩායම් ලබන ඉරිදා පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇත.