මාරක අනතුරකින් පොසොන් සිරි නැරැඹීමට ගිය අයගෙන් එක් අයෙකු මරුට 11ක් රොහලේ..
හලාවත - පුත්තලම මාර්ගයේ ජයබිම ප්‍රදේශයේ සුඛෝපභෝගී බස් රථයක් අත්ට්‍රැක්ටරයක ගැටී අද අලුයම සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇත.
පොසොන් සිරි නැරඹීම සඳහා ගිරිබාව සහ ඉහළ මගුරන්කඩවල ප්‍රදේශයේ පිරිසක් මෙලෙස අත්ට්‍රැක්ටරයේ ගමන් කර ඇති අතර යාපනය සිට කොළඹ බලා ධාවනය වූ අධිසුඛෝපභෝගී බස් රථයක් මෙම අත්ට්‍රැක්ටරයේ පිටුපස ගැටී තිබේ .
එහිදී තුවාල ලැබූ 12 දෙනෙකු හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබූ අතර, ඉන් එක් අයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
මියගිය 50 හැවිරිදි කාන්තාව මගුරන්කඩවල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි අනාවරණ වී ඇත්තේ.