බාල සහෝදරියට හිරිහැර කළාට වැඩිමල් සහෝදරියගෙන් ඇසිඩ් ප්‍රහාරයක් - අත්අඩංගුවට

Report

තම බාල සහෝදරිය සමඟ නිතර ආරවුල් ඇති කරගනිමින් ඇයට හිරිහැර කළ බව කියන පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවක ඊයේ (05) දින අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ, ඉළිඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව සඳහන්.

එමෙන්ම ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා සැකකාර කාන්තාවගේ බාල නැගණිය සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා තිබෙන අතර, ඔහු නිතර ඇය හමුවීමට නිවසට පැමිණෙන අයෙකු බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

‍රටම හැඬවූ විද්‍යා දැරිය ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරුයි - අභියාචනා නිශ්ප්‍රභා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

‍රටම හැඬවූ විද්‍යා දැරිය ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරුයි - අභියාචනා නිශ්ප්‍රභා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව කියන මෙම පුද්ගලයා නිවසට පැමිණෙන බොහෝ අවස්ථාවලදී නැගණිය සමඟ ආරවුල් ඇති කරගෙන ඇති බවටද වාර්තා වන බව සඳහන්.

ඉකුත් 29 වැනිදා ද මෙම පුද්ගලයා නිවසට පැමිණ නැගණියට බරපතළ ආකාරයට හිරිහැර කර ඇති අතර, එහිදී එය ඉවසාගත නොහැකි වූ වැඩිමහල් සහෝදරිය (සැකකාරිය) ඔහුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම එම ප්‍රහාරයෙන් තුවාලකරුගේ වම් ඇසට බරපතළ හානි සිදුව ඇති අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ඇස් වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිිසිය පවසයි.

රට පුරා පැතිරෙන භයානක රෝගයක් ගැන දැනුම්දීමක් - පළාත් හතරක තත්ත්වය අවදානම් - දැනටමත් පාසල් දරුවෙක් ඇතුළු 13ක් මැරිලා

රට පුරා පැතිරෙන භයානක රෝගයක් ගැන දැනුම්දීමක් - පළාත් හතරක තත්ත්වය අවදානම් - දැනටමත් පාසල් දරුවෙක් ඇතුළු 13ක් මැරිලා

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව හොරණ මූලස්ථාන පොලිසිය විමර්ශන පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

අඳාළ සැකකාරිය හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරාගේ මෙහෙයවීමෙන්, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංග දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

රංගගේ මරණය සැකයි කීවේ සාක්ෂිත් එක්ක..9 වැනිදා පොලිසියට එන්නේ ඒවත් අරන් - ගම්මන්පිලගෙන් කනේ පාරක්

රංගගේ මරණය සැකයි කීවේ සාක්ෂිත් එක්ක..9 වැනිදා පොලිසියට එන්නේ ඒවත් අරන් - ගම්මන්පිලගෙන් කනේ පාරක්

දරුවන්ට සමාජ ජාල තහනම් - රජයෙන් දැඩි තීරණයක්

දරුවන්ට සමාජ ජාල තහනම් - රජයෙන් දැඩි තීරණයක්