රටම හැඬවූ විද්‍යා දැරිය ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරුයි - අභියාචනා නිශ්ප්‍රභා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවුලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හතරදෙනෙකුට පනවනු ලැබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (06) දින තහවුරු කර ඇත.
ඒ අදාළ දඬුවමින් තමන්ම නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා විභාග කොට නිෂ්ප්‍රභ කරමින්.
මෙම තීන්දුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබා දී ඇත.
එසේම තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ දඬුවම් ඉවත් කිරීමටද අධිකරණය විසින් නියම කර තිබුණා. අඳාළ නියෝගය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මරණීය දණ්ඩනය නියම වී සිටි විත්තිකරුවන් තුන් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර මෙම විත්තිකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
2015 වසරේ මැයි මස 13 වනදා හෝ ඊට ආසන්න දිනයක යාපනය පුන්කුඩුතීවූ ප්‍රදේශයේදී පාසල් ගොස් ආපසු එමින් සිටිය 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පැවරූ අතර එම නඩුවෙන් වැරදිකරුවන් වූ විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 2017 වසරේ දී මරණීය දණ්ඩනය නියම කරන ලදි.
අඳාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අඳාළ අභියාචනා ඉදිරිපත් කර ඇති අතර මෙම අභියාචනා විභාගය පැවැත්වෙන අතරතුර එක් විත්තිකරුවකු මිය ගොස් ඇති බවත් වාර්තා විය.