රංගගේ මරණය සැකයි කීවේ සාක්ෂිත් එක්ක..9 වැනිදා පොලිසියට එන්නේ ඒවත් අරන් - ගම්මන්පිලගෙන් කනේ පාරක්[VIDEO]
මරණයට පත්වූ මහා භාණ්ඩාගාරයේ හිටපු නිලධාරී රංග රාජපක්ෂ මහතාගේ මරණ සැක සහිත යැයි ඔහුගේ බිරිඳ පවසා ඇතැයි සඳහන් කළේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක් පදනම් කරගෙන බවත් ඒ පිළිබඳව ප්‍රකාශයක් දීමට සාක්ෂි සහිතව කුලියාපිටිය පොලිසියට එළඹෙන 9 වැනි දින යන බවත් පිවිතුරු හෙළඋරුමය පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (6) දින ප්‍රකාශ කළා.
ඒ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (6) පැවැති ‘මහජන හඩ’ සංවිධානයේ විශේෂ මාධ්‍ය හමුවේදීයි.
එහිදී රංග රාජපක්ෂ මහතාගේ මරණ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රකාශයක් ගැනීමට කුලියාපිටිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව කී ඔහු සාක්ෂි නොමැතිව තමන් කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරන බව ද පැවසුවා.
තවද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා රංග රාජපක්ෂ මහතාගේ මරණ පිළිබඳව පශ්චාත් මරණ පක්ෂණය සඳහා වෛද්‍යවරු සිවුදෙනකුගෙන් යුත් කමිටුව පත්කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් යැවූ ලිපියේ මරණයට පත් රාජපක්ෂ මහතාගේ බිරිඳ මරණ සැකසහිත යැයි පවසන්නේ යැයි සඳහන්ව තිබූ බව කී ගම්මන්පිල මහතා ඒ අනුව එම ප්‍රකාශය කර ඇත්තේ මෙරට ඉහළම නිලධාරියකු බව ද වැඩිදුරටත් සඳහන් කළා.
රටම හැඬවූ විද්‍යා දැරිය ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරුයි - අභියාචනා නිශ්ප්‍රභා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව