විමල් වීරවංශව පොලීසියට කැදවයි
හෙට (06) දින හිටපු අමාත්‍ය විමල් වීරවංශට මහතාව තංගල්ල මූලස්ථාන පොලිසියේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත.
මෙලෙස වාර්තා කිරීමට නියෝග කර ඇත්තේ බෙලි අත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයකට අදාළව කරුණු විමසීම සඳහායි.
බෙලි අත්තේ සනා නමැති පුද්ගලයා තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා වේ.
පොලිසිය පවසන්නේ මේ වනවිට ඔහුව රැඳවුම් නියෝග මත රදවා ප්‍රශ්ණ කරන බවයි.
ඔහුට මෙලෙස පියවර ගැනීම හිටපු අමාත්‍යවරයා මාධ්‍ය වෙත කළ අදහස් දැක්වීමක් මත සිදු වූ අතර හෙට පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා එම පොලිසියේ පෙනී සිටීමට නියමිත වේ.