ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සයි - නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්
ආණ්ඩුවට දෙන්න පුළුවන් උපරිම සහනය තමයි හාල් කිලෝ 20ක් රජයේ සේවකයන්ට ණයට දෙන එක. දැන් අපේ හාමුදුරුවනේ නිකන් හරි ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටිය තමයි උස්සන් යන්න වෙන්නේ.හැබැයි ඉතින් මේ අයට ගෙට පැනලා බත් මුට්ටිය උස්සලා පුරුදුයි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය .
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පුත්තලම පැවති ජන හමුවක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ මෙවන් අදහසක්
අද අසීමිත බොරු කියලා බලයට ආපු ආණ්ඩුවක්. බොරු කියලා බලයට ආවා විතරක් නෙමෙයි, බලයේ ඉන්නත් බොරු කියන ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා. අපි දැක්කා පහුගිය දිනේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට එනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා, අපි බලාපොරොත්තු වුණේ ජීවන වියදම අඩුකිරීම ගැන කතා කරයි කියලා, ගොවියාගේ පොහොර ප්‍රශ්නය ගැන කතා කරයි කියලා, වී මිල පිළිබඳව කතා කරයි කියලා, කර්මාන්තශාලා වැහෙනවා මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නේ කොහොමද කියන වැඩපිළිවෙළ පිළිබඳව කතා කරයි කියලා. නෑ, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ හාමුදුරුවනේ පොලීසියේ මාධ්‍ය ප්‍රකාශකගේ වැඩේ කරනවා
පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක, ඒ මනුස්සයා කල්පනා කරනවා ඇති දැන් ඒ මනුස්සයා ප්‍රෙස් එකේ වාඩිවෙලා මොකක්ද කියන්නේ කියලා. කමක් නෑ. ආණ්ඩුවට වැඩ බැරිනම්, ආණ්ඩුවට වැඩ බැරිවෙනකොට, ආණ්ඩුව මොකක්ද කරන්නේ? තමන්ගේ නොහැකියාව වහගන්න මර්ධනය කරනවා. පරීක්ෂණ කටයුතු කරන්න එපා කියලා කවුරුත් කියන්නේ නෑ, කරන්න ඕනේ. ගල් අඟුරු නැව ගැනත් හොයන්න ඕනේ, බාල ගල් අඟුරු ගෙනාපුවා. වැඩිම මිලකට, ලෝකේ වැඩිම මිලක් දීලා තෙල් ගත්තේ ඇයි කියන එක පිළිබඳව හොයන්න ඕනේ. හාල් පිටරටින් ගෙනල්ලා ගොවියාගේ වී කැපෙනකොට ඒ පිටරටින් ගේන්න හේතුව මොකක්ද කියලා හොයන්න ඕනේ. වරායෙන් පන්නපු කන්ටේනර් 323 හොයන්න ඕනේ. ඒවා හොයන්න ඕනේ. හැබැයි ඒවා හොයන ගමන්, මෙලොව ජනතාවගේ ප්‍රශ්න වලටත් උත්තරයක් දෙන්න ඕනේ.
ජනතාවගේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න ඕනේ. ආණ්ඩුවේ මොකක්ද වැඩපිළිවෙළ? ආණ්ඩුවේ වැඩපිළිවෙළ මොකක්ද රටේ ජනතාවගේ ජීවන වියදම දරාගන්න පුළුවන් තැනකට ගේන්න? තමන්ගේ බාල ගල් අඟුරු නිසා වැඩි මිලට තෙල් ගත්තු නිසා දිනෙන් දින විදුලි බිල වැඩිවෙනවා. පෙට්‍රල්, ඩීසල් මිල වැඩිවෙනවා අපේ හාමුදුරුවනේ. දරාගන්න බෑ ජනතාවට. ආහාර වල මිල දිනෙන් දින ඉහළ යනවා, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යනවා. හැබැයි මේවට සහනයක් දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නෑ. දෙන්න පුළුවන් උපරිම සහනය තමයි හාල් කිලෝ 20ක් රජයේ සේවකයන්ට ණයට දෙන්න. දැන් අපේ හාමුදුරුවනේ නිකන් හරි ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටිය තමයි උස්සන් යන්න වෙන්නේ.හැබැයි ඉතින් මේ අයට ගෙට පැනලා බත් මුට්ටිය උස්සලා පුරුදුයි. අපි පොඩි කාලේ, මේ වැඩිහිටියෝ දන්නවානේ,කොහෙන් හරි එතනට තමයි පනින්නේ ආයේ. ආවේ කාර් එකක් ලක්ෂ 12කට දෙනවා කියලා. ආවේ දියුණු රටක්, පෝසත් රටක් හදනවා කියලා. දැන් අන්තිමට ගමේ අහිංසක අම්මා තාත්තාගේ බත් මුට්ටියට වැඩේ දෙන්න හදන්නෙ.මේක තමයි මෙයාගේ දේශපාලනේ, සැලැස්මක් නෑ වැඩපිළිවෙළක් නැහැ. එක පැත්තකින් මේ රටේ ජාතීන් අතර අසමඟිය හදන්න උත්සාහ කරනවා.
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සැලසුම් සහගතව ජනතාව බෙදා වෙන් කරලා පාලනය කරන්න උත්සාහ කරන්නේ. බුද්ධි අංශ දුර්වල කරනවා, ජාතික ආරක්ෂාව දුර්වල කරනවා. කර්මාන්තශාලා වැහෙනවා, රැකියා අහිමි වෙනවා. අහිමි වෙන රැකියාවලට විකල්පය මොකක්ද? අලුතෙන් රැකියා උත්පාදනය කරන්න ආණ්ඩුවේ සැලසුම් මොනවාද? ධීවරයාගේ තෙල් මිල, මේ තියෙන මිලට තෙල් ගහගෙන ගිහිල්ලා මාළු අල්ලගෙන ඇවිල්ලා හරියන්නේ නැහැ, ධීවර ජනතාව ඒක දන්නවා. හැබැයි මොකක්ද ආණ්ඩුවේ විකල්පය? ධීවරයාගේ තෙල් ටිකට සහනයක් දෙනවාද? අපි බලාපොරොත්තු වුණා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා එදා මාදැල් ධීවරයන්ගේ ප්‍රශ්නය කතා කරයි කියලා, ගොවි උද්ඝෝෂණ තියෙනවා රටේ හැමතැනම ඒ ගැන කතා කරයි කියලා, ධීවරයාගේ තෙල්වලට සහනයක් දෙන්න ජනාධිපතිවරයා වැඩපිළිවෙළක් හදලා ඇති කියලා. නැහැ. ආණ්ඩුවට ඒවා පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. දැන් උසස් පෙළ ලියන දරුවන්ගේ විභාගය කලින් ගත්තු නිසා පැහැදිලිවම ලොකු මානසික පීඩනයක්. උසස් පෙළ ලියන දරුවෝ, ඒ දෙමව්පියෝ දන්නවා, ඒ තරුණ පිරිස ඒක දන්නවා.
අද ආණ්ඩුව මොකක්ද මේකට කරන්නේ? මොකක්ද ආණ්ඩුවේ සැලැස්ම? මේකට මැදිහත් වෙනවාද, ඇහුම්කන් දෙනවාද? අද රටේ ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න කෙනෙක් නැහැ අපේ හාමුදුරුවනේ. ඇහුම්කන් දෙන්න කෙනෙක් නැහැ. උසස් පෙළ දරුවෝ මානසික පීඩනයකට පත්වෙලා තියෙනවා තමන්ගේ විභාග දින නිසා. අධ්‍යාපන අමාත්‍යවරියට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ කවුද මේකට ඇහුම්කන් දෙන්නේ? මම දැක්කා පසුගිය දිනවල කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, අර බේරේ වැව වටේ සුද්ධ කරනවා ඩෙංගුවලට. ඩෙංගු රෝගීන් පනස්දාහක් වෙනකන් ඉන්න වුණා ඕක සුද්ධ කරන්න. ඩෙංගු රෝගීන් පනස්දාහක් යනකන් ඉන්න වුණා අපේ හාමුදුරුවනේ ඒක සුද්ධ කරගන්න. මේ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපතිතුමාට එයාගේ කාර්යාලය සුද්ධ කරගන්න බැහැ.
ඩෙංගු රෝගීන් පනස්දාහක් ආවාම තමයි ඒක මතක් වෙලා තියෙන්නේ. අද රෝහල් පිරිලා ඉතිරිලා ඩෙංගු රෝගීන්ගෙන්. සමහර මාලිමාවේ, ජේ.වී.පී. එකේ ප්‍රාදේශීය සභාවලට කතා කරාම අඩුම ගානේ රෝගීන් දහයක් ඉන්න ඕනෙලු දුම් ගහන්න. ප්‍රාදේශීය සභාවේ, ආණ්ඩුවේ වගකීම මොකක්ද? රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න. එක රෝගියෙක් හරි ඉන්නවා කියලා දැනගත්තාම අනිත් දරුවෝ ටික බේරගන්න. නැහැ, මෙයාලා බලාගෙන ඉන්නවා තව දහදෙනෙක් මේකට හැදෙනකන් ගිහිල්ලා සුද්ධ කරන්න. නිකන් හරි අපේ හාමුදුරුවනේ, මිත්‍රවරුනේ, අම්මේ, තාත්තේ මේ අය ඉන්නකොට කෝවිඩ් වසංගතය එහෙම ආවා නම් වෙන දේ හිතාගන්න බැහැ. කෝවිඩ් තියෙන කාලේ ඇවිල්ලා කිව්වොත් අපේ ගමේ කෝවිඩ් රෝගියෙක් ඉන්නවා නිරෝධායනය වෙන්න ඕනේ කිව්වොත් දහයක් එනකන් ඉන්න ඕනේ කියයි. අද තමන්ගේ වැඩ බැරිකම පමණක් නෙවෙයි අපේ හාමුදුරුවනේ උවමනාවක් නැහැ. මේකට අවශ්‍යතාවයක් නැහැ.
ඒ සහ අපේ ඇඟේ, අපේ අයගේ ඇඟේ තියෙනවා මොකක් හරි කරන්න ඕනෙ කියලා. ආණ්ඩුව නොකරත් සභාවෙන් හරි දාලා මේක කරමු කියන තැන, මානසිකත්වය ඉන්න වැඩ කරන්න වුවමනාව තියෙන පිරිසක් ඉන්නවා. ඉතින් අද ඒ තරුණ කණ්ඩායම ඒකරාශී වෙලා මේ ප්‍රාදේශීය සභාවට නායකත්වය දීලා දක්ෂ විදිහට වැඩ කටයුතු කරනවා වගේම, අපි එකතු වෙමු, අපි ගමෙන් ගමට යමු. ඒ තරුණ පිරිසක් බොහොමයක් අද මෙතන ඉන්නවා. ඒ ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, ඒ විශ්වාසය මත පදනම් වෙච්ච දැවැන්ත දේශපාලන බලවේගයක් ගොඩනගන්න අපි ඒකරාශී වෙමු ''