හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් තීන්දුවක් - ටිල්වින් සිල්වාට රු. මිලියනක වන්දියක් - හේතුව මෙන්න
විමල් වීරවංශ මහතා විසින් රචිත "නැත්ත වෙනුවට ඇත්ත" නම් ග්‍රන්ථයේ ඇතුළත් කර ඇති ඇතැම් ලේඛනවලින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපොළ අයිතිය උල්ලංඝණය කිරීම වෙනුවෙන් ඒ මහතාට රුපියල් මිලියනක වන්දියක් ගෙවන මෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයෙන් ලබා දී ඇති නියෝගයට එරෙහිව විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම තීන්දුව වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා විසින් දෙන ලද්දේ ටිල්වින් සිල්වා මහතා විසින් ගොනු කර තිබූ නඩුවක දීර්ඝ විභාගයකින් පසුවයි.
ඒ අනුව පැමිණිලිකරු අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණේ විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුව සිටියදී, ටිල්වින් සිල්වා මහතා විසින් පක්ෂ විධායක සභාව වෙත ඉදිරිපත් කරන ලද අදහස් සහ යෝජනා ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇති බවත්, ඒ ඔස්සේ තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝණය වී ඇති බවටත් ය.
එබැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, බුද්ධිමය දේපළ පනතට අනුව “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයේ සැබෑ අයිතිය හිමිවිය යුත්තේ විමල් වීරවංශ මහතාට නොව ටිල්වින් සිල්වා මහතාට බවයි.
ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි
එබැවින් පැමිණිලිකරුට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් විත්තිකාර විමල් වීරවංශ මහතාට නියම කර සිටියා.
ඒ වාණිජ මහාධිකරණයෙන් දුන් තීන්දුවට එරෙහිව වීරවංශ මහතා විසින් ගොනු කර තිබූ අභියාචනයක් සලකා බලමින්. එමෙන්ම පෙත්සම්කරුගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම, විකිණීම හා බෙදා හැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය මඟින් දී ඇති අතුරු නියෝගය වෙනස් කිරීම්වලට ලක් කරන බව සඳහන් කළ විනිසුරු මඩුල්ල ඒ අනුව අදාළ තහනම් නියෝගය අඳාළ ග්‍රන්ථයට ඇතුළත් කර ඇති වග උත්තරකාර ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛනවලට පමණක් සීමා කරන බවත් තීන්දු කර ඇත.