ETF සාමාජික දරුවන්ගේ නව මුදල් ප්‍රතිපාදනයක්. - වැඩි විස්තර මෙන්න. (UPDATE)

Government Employee Government Of Sri Lanka Education
By Wayomi Jun 02, 2024 12:31 PM GMT
Wayomi

Wayomi

Report

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේසක්‍රීය සාමාජික සාමාජිකාවන්ගේ උසස් පෙළ විභාගයට පෙනී සිටි දූ දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලාවන් හැදෑරීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමේ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් 2022 වර්ෂයේ සිට "නිපුණතා සවිය" නමින් හඳුන්වා දී ඇත.

ඒ අනුව 2023 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ETF සක්‍රීය සාමාජිකයින්ගේ දූ දරුවන්ට මීට අයදුම් කළ හැකියාව පවතිනවා.

උසස් පෙළ විභාගයට පෙනී සිටීම මූලික සුදුසුකමක් වන අතර සමත්වීම අවශ්‍යම නොවන අතර තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ඕනෑම වෘත්තීය පුහුණු ආයතනයක NVQ 3,4 හා 5 මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව අවස්ථා ඇත.

දූ දරුවන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම වෙනුවෙන් හඳුන්වා දුන් නිපුණතා සවිය ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මගින් ක්ෂේත්‍ර 14 ක් ආවරණය වන පරිදි පාඨමාලා 100ක් සඳහා පමණක් මූල්‍යාධාර ලබාදීම සිදුවේ. 

නවතම හදිසි අනතුරු ඇඟවීම නිවේදන නිකුත් කෙරේ.

නවතම හදිසි අනතුරු ඇඟවීම නිවේදන නිකුත් කෙරේ.


GalleryGalleryGalleryGallery